Tweets by @Tweetsbysuku myblog: “ අපි දැන සිටියෙමු... අපි දැන සිටියෙමු... “ //

Facebook Fan Page

Friday, January 30, 2015

“ අපි දැන සිටියෙමු... අපි දැන සිටියෙමු... “ //

2010 ජනාධිපතිවරණයත්, පහුගිය ඌවත්... වෙනස් කල හැටි ඕන නම්... ඉදිරියට කියවේවි... හ්ම්...
පහුගිය හොරකම් ගැන පල වීම් නිසා කලින් තිබ්බ ඡන්ද සෑහෙන අඩු වෙච්ච බව තාම මහින්දවාදින් කියන අයට තේරෙන්නෙ නෑ...

වෙනම පක්ෂයකින් යන්න හදන්නේ, ඇත්තටම මහින්ද මහත්තයගේ උවමනාවටම නෙමෙයි... මේක බලෙන් එතුමගෙ ජනප්‍රියතාවය ප්‍රයෝජනයට අරගෙන දේශපාලන වශයෙන් අනාථ වෙච්ච... හොරකම් කරලා ඒවට බයේ වෙන දේ ගැන තේරුමක් නැතිව ඉන්න අයගෙ වැඩ...
කොහොම උනත් ඔය වැඩෙන් වෙන්නෙ, මහින්ද මහත්තයට යම් තිබුන ගරුත්වයක් තියෙනව නම් ඒකත් නැතිවීම... ඒක එහෙම උනත් ඡන්දෙට එන්න ලැබෙන එක විශ්වාස නැ... ආවත් දිනුම කෙසේ වෙතත් සැලකිය යුතු ඡන්දයක් ලැබෙන එකකුත් නෑ...

පරාජය අවජාතකයි කියනවනේ... දැන් තමයි කලින් එජාපයට වගේ තියෙන හැම ප්‍රශ්නෙම එලියට එන කාලේ... ඒ කාල වලදි කරන්න ඕන එක ඉවසීම... සහ සංවිධානය වීම....
කලබලේට එලියට පැනලා දඟලන්න හදන එක නෙමෙයි...

ඒකාලේ එජාපයේ අය ඉවසද්දි... අපි දන්න ගොඩක් අය කිව්වා ඇමතිකමක් ගන්න ආණ්ඩුවට එකතු උනා නම් මොකද කියල... මට මතකයි ගයි මාමා යනවා කියල ආරංචියට මට ඇවිත් කියපු අය.... ඔයාට වැඩක් නැත්නම් අපිට දෙයක් අරගන්නවත් යන්න කියන්න.......

අන්තිමේ දයාසිරි මහත්තයල වගේ අය ගියා... ගිහින් ජාතික දේශපාලනයෙන් පලාත් එකට වැටුනා... මහ ඇමතිකමෙන් දෙයක් කරාද කියල එතුමගෙන් තමා අහන්න වෙන්නෙ...

ඉවසගෙන හිටිය අතිබහුතරයට යම් කාලෙකට හරි ඇමතිකම් ලැබුනා... ඒක තමයි කියන්නේ...
“ ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය.... මහමෙර උසුලනා මිහිකතටත් වැඩිය “ කියල....

මෙච්චරකල් ගොඩක් අය හිතාගෙන හිටිය, අපි දේශපාලනේ කරත් වැරදි කරනව කියල... හොරකම් කරනව කියල... ඒකට හේතුව ජනතාවගේ සිතීමේ ගැටළුවක්... හොරු දේශපාලකයෝ වෙන්නෙ ඒ නිසා.... ඒනිසා අද මේ පාලනය ඒවට විරුද්ධව යම් දෙයක් කරාවි කියලත් විශ්වාසයි...
එතකොට ජනතාව වෙන අපිටත් තේරෙන්න ගනිවි... දේශපාලනය කියන්නේ සේවය මිසක් ගැරීම නෙමෙයි කියල...

No comments:

Post a Comment