Tweets by @Tweetsbysuku myblog: ___ යහපත්ව සිටීම/අන් අයට උදව් කිරීම සහ එයට විපාක ලැබීම ___

Facebook Fan Page

Friday, January 23, 2015

___ යහපත්ව සිටීම/අන් අයට උදව් කිරීම සහ එයට විපාක ලැබීම ___


අද සමාජයේ දකින, තේරෙන දෙයක් තමයි පොදුවේ අපි හැමෝම කරන හොඳට, තව හොඳක් බලාපොරොත්තු වීම.. ඒක හිතේ තියෙන දෙයක් වෙන්නැති...

ජිවිතේ ගත කරද්දි හරියට ඉන්න එකත්, ඒ හා සමානව විපාක ලැබෙන එකත් ගැන ගොඩක් දෙනෙක් පහුගිය කාලේ බලාපොරොත්තු අතෑර ගත්තා...
ඒකට හේතු වෙන්න ඇත්තේ, තමන් යහපත්ව හිටියත් අයහපත් ක්‍රම වලින් ඉහලට එන, දේශපාලකයෝ සහ අනිකුත් වෘත්තින් වල අයව දැකපු නිසා වෙන්නැති... සාමාන්‍ය මතයක් බිහිවෙලා තිබ්බා... “ අපි ඔතනට ගියත් හොරකම් කරනව කියල... “

දැන් ඒ තත්වය ක්‍රමිකව ලංකාවෙන් නැති වෙලා යාවි, ඊට අදාල පසුබිම සකස් වේවි කියල දැනෙනවා...

ලෝකයේ පහල වෙච්ච මහා සමාජ, ආර්ථික, මනෝ විද්‍යාඥයා වන නැපෝලියන් හිල්ගේ “ Think and Grow Rich /ඉසුරින් පිරි ජීවිතයක් “ පොත කියවද්දි.... තේරුන දෙයක් තමයි...
(ඒක මගේ අත්දැකීම් අනුවත්, මම දන්න ගොඩක් අයගෙ ජිවිත දිහා සෑහෙන කාලයක් බලාගෙන හිටිම අනුවත් දැනුනු දෙයක්)

“ කරන හොදට කවදාහරි හොද ලැබෙනවා... “ ඒක කරන සැනින් බලාපොරොත්තු වීම තමයි ගැටළුව(කවදාවත් දේවල් බලාපොරොත්තු නොවි කිරීමයි වඩා වැදගත්)... - ඒක ධර්මය අනුව දිට්ඨ ධම්ම වේදනීයව ලැබෙන දෙයක් කියන්නත් පුලුවනි.

ඒ වෙනුවෙන් ගත වෙන කාලයක් තියෙනවා....
අද හෙට නෙමෙයි. මාස 1-2 අවුරුදු කීපය වගේ ගත වෙන්න පුලුවනි... ඒක උනාම තේරේවි...
අනිත් කාරණ් වැරදි කරන අයටත් එහෙමයි... අද හෙට, විපාක නැති උනත්... කාලය එක්ක හිතාගන්න බැරි විදියට විපාක ලැබෙන්න ඉඩ වැඩියි...

රජවරු වගේ ඉදලා හිඟන තත්වයට පත් වෙච්ච අය ඕන තරම්..... හ්ම්.....

No comments:

Post a Comment