Tweets by @Tweetsbysuku myblog: ___ අනගාරික ධර්මපාලතුමා සහ අපේ මහින්ද මහත්තයා ___

Facebook Fan Page

Thursday, January 15, 2015

___ අනගාරික ධර්මපාලතුමා සහ අපේ මහින්ද මහත්තයා ___

යම්පිරිසක් විසින් මහින්ද රාජපක්ෂ මහතා සහ අනගාරික ධර්මපාලතුමා සමාන කරමින් කරන ප්‍රකාශයන් වලට පිලිතුරු වස්, යම් සංසන්දනයක්...
https://www.facebook.com/sukumal.harischandra/posts/10204435416559986


* ධර්මපාලතුමා ධර්ම ප්‍රචාරකයෙක්.
අපේ මහින්ද මහත්තයා එහෙම කල බවක් නම් ආරංචි නෑ.
* ධර්මපාල තුමා ලංකාවේ සිට යුරෝපය දක්වාත් ඇමරිකාව දක්වාත් ධර්ම දූතයන් යැව්වා..
අපේ මහින්ද මහත්තයා බුදු දහමේ උන්නතිය වෙනුවෙන් යුද්ධෙ ඉවර කලා කියල අපිට කියන්න පුලුවනි..

* ධර්මපාල තුමා බරණැස ඉසිපතනයේ මූලගන්ධකුටි විහාරය බුදු දහමට තපෝවනයක් උනා...අදටත් අපිට බුද්ධගයාම තියෙන්නෙ ධර්මපාල තුමා නිසයි..
අපේ මහින්ද මහත්තයා... බුදු දහමේ උන්නතියට ඍජුව කටයුතු කලාදැයි හරියටම මට තේරෙන්නෙ නෑ.. නමුත් දානමාන දීම් කලා... වෙහෙර විහාර සෑදවීම්, ප්‍රතිසංස්කරණත් කලා..
ඒවගේම පහුගිය කාලේ පන්සල් 490කට වඩා වැහෙද්දි, මොකුත් කලෙත් නෑ...

* ධර්මපාලතුමාට දරුවන් නොසිටි නිසා තමන්ගේ ශාසනික මෙහෙවර, අපි වගේ මතු පරපුරට භාර කලා...
අපේ මහින්ද මහත්තයා ඒවෙනුවෙන් පුත්තු 3ම පුරුදු කරන්නැති කියල හිතනව...
නාමල් අයියව දේශපාලනයටත්, යෝෂිතව නාවික හමුදාවෙන් ආරක්ෂාවටත්, රෝහිත අජටාකාශ කරන්න ඇත්තේ උඩු ගුවණෙනුත් රට ජාතිය රකින්න වෙන්න ඕන...

* ධර්මපාලතුමා මුළු බූදලයම බුද්ධ ශාසනයට පුජා කරල නිර්ධන උනා.. අන්තිම මොහොතේ ධර්මපාලතුමා අතේ තිබුනේ නෙල්ලි ගෙඩියකින් භාගයක්... ඒකත් ශාසනේට පූජා කලා..
අපේ මහින්ද මහත්තය නම් තවම සියලු බූදලේ එහෙම කරල නෑ, කරන්න ඕනත් නෑ... කොහොමත් දරුවෝ ඉන්නවනේ හ්ම්..

* ධර්මපාලතුමාටත් ඒකාලේ මෝඩ අය එක එක කතා කිව්වා... සල්ලි හොරකම් කරනව වගේ කතා...

* අපේ මහින්ද මහත්තයටත් අද එහෙම කතා කියනවා....
ධර්මපාලතුමා නම් එහෙම නැති බව ඔප්පු වෙලා ඉවරයි....
අපේ මහින්ද මහත්තය නම් එහෙම සල්ලි හොරකම් කලාද නැද්ද කියල තවම අපි හරියටම දන්නෙ නෑ...

* අවසාන කාලයේ ධර්මපාලතුමා ලංකාව ගැන කලකිරුණ බව ඉතිහාසයේ කියවෙනවා...
මේපාර ඡන්දෙත් එක්ක අපේ මහින්ද මහත්තයටත් එහෙම වේවිද නම් දන්නෙ නෑ...

*** ධර්මපාලතුමාගෙ නම අදටත් පවතින්නේ නිවරදිව කටයුතු කල නිසයි...
තමන්ගේ ජිවිතේම රට ජාතිය වෙනුවෙන් හරියට කැප කල නිසයි... ධර්ම විජය වෙනුවෙන් වැඩ කල නිසයි...
මහින්ද මහත්තයගේ නම එහෙම වේවිද කියන එක ඉදිරි කාලයෙදි තීරණය වේවි... (කොහොම උනත් යුද්දෙ දිනපු දේශපාලන නායකය කියන ගරුත්වය නම් තියේවි)

No comments:

Post a Comment