Tweets by @Tweetsbysuku myblog: I don't y

Facebook Fan Page

Sunday, November 30, 2014

I don't y

කොයි කවුරුත් බලේ ගන්න... පොර කන්නේ ඇයි... ?
බලේ අරන් මොලේ නැතුව .. වැඩේ කන්නෙ ඇයි ... ?
වැඩේ කාලා.. රටත් කාලා.... බලන් ඉන්නෙ ඇයි.... ?
ලංකාවෙ ඔහොම තමයි... I don't knw y ..............

දිනපුවාම මෝරා වගේ මහත් වෙන්නෙ ඇයි... ?
පැරදුනාම හූනා වගේ කෙට්ටු වෙන්නෙ ඇයි... ?
හූනා මෝරා වෙලා හූනා මෝරා වෙන්නෙ ඇයි... ?
මැති ඇමතිලා ඕවා දන්නේ I don't knw y ?
I don't knw y .. එහෙම වෙන්නෙ ඇයි //

ඇති එකාට දෙයියෝ පැන පැන දෙන්නේ ඇයි... ?
නැති එකාට දෙයියෝ මුකුත් දෙන්නෙ නැත්තෙ ඇයි... ?
පෙරකල පව් පින් අනුවලු එහෙම වෙන්නෙ ඇයි ... ?
දෙයියො තමයි ඕව දන්නේ.... I don't knw y.... ?

හිතුමතේ බැඳපු එවුන් සොමියේ ඉන්නෙ ඇයි ?
නැකැත් බලල කරපු මඟුල් කැඩිල යන්නෙ ඇයි ?
ග්‍රහයෝ නීච වෙලාවත්ද එහෙම වෙන්නෙ ඇයි ???
ග්‍රහයො තමයි ඕව දන්නේ I don't y ... ?
I don't y ... /// එහෙම වෙන්නෙ ඇයි... ?
ග්‍රහයො තමයි ඕව දන්නේ... I don't y ......

ඉඩම් කඩම් උකස් තියල උගෙන ගන්නෙ ඇයි.... ?
ඉගෙන ගත්ත එවුන් පාරේ හිඟාකන්නෙ ඇයි.... ?
නූගත් අය ලොකු පුටුවල රජ කරන්නෙ ඇයි.... ?
ලංකාවේ ඔහොම තමයි.... I don't y

සතුට සොයා පොඩි guest හවුස් වලට ගියේ ඇයි... ?
ඒ ගියාම පොලීසියෙන් raid කෙරුවෙ ඇයි... ?
5 ස්ටාර් හොටෙල් වලට පනින් නැත්තෙ ඇයි... ?
පොලිස් ලොක්කො ඕව දන්නේ... I don't y ...
I don't y // එහෙම වෙන්නෙ ඇයි... I don't y

එකෙක් එක්ක දීග කන්න කියල කිව්වෙ ඇයි....
අපේ රජ ගොල්ලෝ අන්තංපුර දමන් හිටියේ ඇයි... ?
හනේ ඒ විදියට දැන් කොරන්න දෙන්නෙ නැත්තේ ඇයි... ?
ඒ කාලෙනෙ ඉන්න තිබ්බෙ... I don't y .....

ඉඳල හිටල පොඩි අඩියක් ගහන් නැත්තේ ඇයි... ?
බීලා බීලා තව සමහරු සත්තු වෙන්නෙ ඇයි... ?
ගානට අරගෙන මං වගේ ඉන්නෙ නැත්තෙ ඇයි...
මටත් ටිකක් වැඩිද මංදා.... I don't y .....
එහෙම වෙන්නෙ ඇයි... I don't y ...

බුදුන් වහන්සේ සාමයේ අගය කිව්වෙ ඇයි..... ?
ජේසුතුමා සැමට ප්‍රේම කරමු කිව්වෙ ඇයි....
අනේ ඒ කියලත්... අපේ එවුන් මරාගන්නෙ ඇයි....?
යහගුණ දම් පිරිහිලාද.... මිනිසුන් වල්මත් වෙලාද....
අද දෙවියන් අමතක වෙලාද... එහෙම වෙන්නෙ ඇයි....
I don't y ......

No comments:

Post a Comment