Tweets by @Tweetsbysuku myblog: පොදු අපේක්ෂකයා

Facebook Fan Page

Friday, November 21, 2014

පොදු අපේක්ෂකයා

පැය 21කට පෙර ෆේස්බුක් පෝස්ට් එක,

බොහෝදෙනෙක් මේ කාලයේ ලංකා දේශපාලනයේ වෙන්නට යන දැවැන්ත වෙනස්කම් ගැන ගොඩක් කතා වෙනව.. හරිම තොරතුරු දැනගන්න බලනව...

මේ වෙලාව ඉවසීමෙන්, සංයමයෙන් ඉන්න ඕන වෙලාවක් කියලයි මට හිතෙන්නෙ...
නොහිතන විදියට, නොහිතන වේගෙන් ආණ්ඩුවටත් විපක්ෂයටත් එක එක දේවල් දැනෙන්න තේරෙන්න ගනීවි...

2න් 1ක් බරපතල ඝට්ටනයකටත් පසුබෑමකටත් ලක් වෙන්න තියෙන ඉඩ වැඩි....
මහින්ද මහත්තයට 3වෙනි පාර පුලුවන්ද..... නැද්ද... ඒක වැඩි කාලයක් යන්න කලින් තේරේවි කියල හිතෙනව... හ්ම්...

2009 යුද්ධෙ දිනුවම අපි හිතුවා හැමදාම රාජපක්ෂ පාලනයක් තියේවි, සහ රට හදාවි කියල...

* යුද්ධය දිනීම හැරුනු කොට.... ඒ තුලින් ඇතිවෙන යහපත සහ ගොඩනැගිලි, වැස්සට යන පාරවල් වලට අමතරව .. වෙන හොඳක් පවතින ආණ්ඩුවෙන් සිදුවූ බවක් පෙනෙන්නෙ නැත..

අද පෝස්ට් එක
" ඔව්... මහින්දට 3 පාරක් බෑ .... "

රටේ කැබිනට් ඇමතිවරු, පාලනය කරන මූලික පක්ෂයේ මහලේකම් තුමා විපක්ෂයට ඒම තුල පැහැදිලියි ආණ්ඩුව ඇතුලෙත් තියෙන බව...
කලිනුත් දැනන් හිටියේ ඇමතිවරුන්ගෙන් 60%කට වඩා කලකිරිලා කියල.. අමාත්‍යංශ ලේකම්වරු රාජපක්ෂ පාලනයේ හිතවත් අය, ඒනිසා කරන්නෙ එයාලට ඕන දේ... ඒවගෙ ගැටළු ගොඩයි...
රටේ ජනතාව විදියටත් අපි දකින්නෙ දිගටම මේ පාලනයෙන් වෙන අයහපත තමයි වැඩියෙන්... යුද්ධෙන් පස්සෙ සාර්ථක වෙච්ච, සාර්ථකව කරපු එකම සංවර්ධන ව්‍යාපෘතියක් අපි දන්නෙ නෑ...
නීතිය, අධ්‍යාපනය වගේ හැමදේම අඩාලයි..

* ආණ්ඩුවෙන් මේපැත්තට එන අයත් එක්ක... විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමේ කිසිම ගැටළුවක් ඇතිවෙන්නෙ නෑ...
ජෝතිෂ්‍යය සහ ඊට අදාල යම් ගුප්ත කටයුතු ගැන තියෙන පොඩි තොරතුරු එක්කත්... මට හිතෙනව මෛත්‍රිපාල සිරිසේන මහත්තයා ඊලග ජනාධිපති වේවි කියල...

මෙතනදි එජාපයේ කාර්යභාරය අතිශයින් අගයනවා... Ranil Wickremesinghe නායකතුමාගේ සූක්ෂම බුද්ධිය ගැනත් බොහොම පැහැදුනා...
එතුමා හිතුව වගේ, අපිත් හිතුවා මේ ආණ්ඩුවෙ කලකිරිම් ඇතිවෙලා ඒ තුලින්ම විරුද්ධත්වය සහ රට වෙනුවෙන් කටයුතු කරන දවසක් ඒවි කියල.... ඔන්න... ඒක වෙලා...

මේ වෙලාවෙදි ඇත්තටම දුක හිතෙන්නෙ අපේ මහින්ද මහත්තය ගැන...
(ඒක කාලකණ්ණිකමට කරදරයක් දැක්කම හිතෙන සතුටක් නෙමෙයි... ඒක රට හදන්න හැම අවස්ථාවම තිබිලත් නොකරපු එක ගැනත්, පෞද්ගලික තරහක් නැති නිසා අපේ මහින්ද මහත්තයා කියල කට ඇරල අදටත් කියන්න හිතෙන නිසත් ..)

අපේ Prasanna මහත්තය වගේ බොහෝම හිතවත් අය මේ පොදු අපේක්ෂකයා සහ තත්වය ගැන ඇහුවත් 100%ක්ම නොදැන සිටීමත්, මේක උනාම කියන එකත් වටිනව කියල හිතපු නිසා බොහොම ඉවසීමෙන් පහුගිය දවස් වල හිටිය... ඊයෙ රෑ නම් හිතුන දේ කිව්ව...

ජය වේවා ! Maithripala Sirisena මහත්තයා

** ආණ්ඩුවට කඩේ යමින් අඳ බාල හැසිරීම් සමග චණ්ඩිකම් කල දෙකයි පනහේ චණ්ඩින්ට.... දැන් ඉතින් වෙනදට වඩා පරිස්සම් වෙන්න වේවි...
වියරුව ඇරඹිලා හින්දා තව ටිකක් දඟලාවි...

No comments:

Post a Comment