Tweets by @Tweetsbysuku myblog: “ දේව වන්දනාව “

Facebook Fan Page

Saturday, November 15, 2014

“ දේව වන්දනාව “

ගොඩක් අය හිතනව ඕන දෙවි කෙනෙක්ට වැන්දම, පුද පූජා කරාම, දෙවියන් ගැන භක්තියෙන් හිතුවම දෙවියන් උදව් කරනවා, ආශිර්වාද කරනව කියල.
ඇත්තම කාරණය දෙවියෙක් කියන්නෙ අපිට වඩා මනස උසස් අය... ඒත් ආශාවන්, කෙලෙස් තියෙනව... දෙවියන්ටත් ඕන තරම් දේවල් තියෙනව කරන්න.

අපි නොදන්නම කෙනෙක්ට එකපාරට උදව්වක් කරන්නෙ නෑ වගේ, දෙවි කෙනෙක්ගෙන් උදව්වක් ලබන්නත් අපිට හේතු වාසනා තියෙන්න ඕන, - එකක් සංසාරික බැඳීමක්, තව එකක් ඉස්සර ඉදල භක්තියෙන් සිටීමක්.

එහෙම නැතිව දේවාලයට ගිහින් පුද පූජා ඔප්පු කරා කියල විශේෂ සෙතක් වෙනවද කියන එක සැකයි.
තමන්ට ඒ ලැබීම නැත්නම් මොන දෙවියන්ට කොච්චර පුද පූජා කලත් වැඩක් නැති වෙන්න පුලුවන්. සමහර අය කියනව ඇහිල තියෙනවා අච්චර මෙච්චර දුක් විඳගෙන දෙවියන්ට පුද පූජා තිබ්බා.
කිසිම වැඩක් උනේ නෑ වගේ කතා. ඒකට හේතුව අරක.

තමන්ට ඉෂ්ඨ දේවතාවෙක්, හෝ කීපයක් ඉන්නව. ඒක පෙර සසර බැඳීමකට තමයි බොහෝ විට හේතු වෙන්නෙ. ඒනිසා දන් පින් කරද්දි, පුද පූජා කරද්දි තමන්ගෙ ඉෂ්ඨ දෙවියන්ට පින් අනුමෝදන් කිරීම වටිනවා. තමන්ගෙ ඉෂ්ඨ දෙවියන් බලවත් වීම තුල තමන්ට ලැබෙන යහපත, ඒ දෙවියන්ගේ ආශිර්වාදය වටිනවා.

තම සමහර අය ආගම් 2-3ක දෙවිවරුන්ට වඳිනව. ඒක අනවශ්‍ය ගැටළු ඇති කරගැනීමක්.
වෙන ආගම් වලට ගරු කිරීම බොහෝම වැදගත්.
ඒත් ඒ ආගම් වල දෙවිවරුන්ව ඇදහීම නැති ප්‍රශ්න ඇති කරගැනීමක් බව අත්දැකීමෙන් දන්නව.
{ බෞද්ධ අය වෙනත් ආගම් වල දෙවිවරුන් අදහන්නට, සරණ යෑමට කටයුතු කිරීම (පිහිට ඉල්ලීම නොව සරණ යෑම) සම්‍යක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ පිළිකුලට ලක්වෙන දෙයක් බව මම අත්දැකීමෙන් දන්නව }
තමන්ට අයිති ආගමෙන් බැහැරව වෙනත් ආගමක දෙවිවරුන් අදහන්න යෑම, තමන්ගෙ ආගමේ දෙවිවරුන්ට පේන්නෙ වැරදි දෙයක් විදියට.
( අපේ පවුලෙ කෙනෙක් එහා ගෙදර ගිහින් නිතරම කතා කර කර එයාලගෙ හොද කියනව නම් අපි ඒ තරම් කැමති නෑනේ ඒ වගේ...)

මොන ආගමේ උනත් හොඳට ඉන්න කෙනෙක්ට දෙවි කෙනෙක් වෙන්න පුලුවනි. ඒකෙ ගැටළුවක් නෑ..
තව දෙයක් ඔය දේවාරූඪයෙන් සාස්තර කියනව කිව්වට එහෙම දෙවිවරු එන්නෙ නෑ මිනිස්සු ගාවට. දෙවි කෙනෙක්ගේ කිරණ ශක්තිය අපිට දැනුනොත් අපි අළු වෙලා යාවි.

ඒ සාස්තර හෝ මොනයම් දේකට හෝ එන්නෙ දෙවියන්ගේ පරිවාර සේනාවෙ කෙනෙක්, බොහෝවිට ඒ සේනාවෙ ඉන්න තමන්ගෙ පෙර ඥාතියෙක්, හිතවතෙක්.

විශේෂ ස්තූතිය Iru Sewayaට

No comments:

Post a Comment