Tweets by @Tweetsbysuku myblog: අපි සිංහල....

Facebook Fan Page

Saturday, October 25, 2014

අපි සිංහල....

සිංහලයෙක් විදියට අපි ගොඩක් ප්‍රෞඪ ජාතියක්, අපි අපි ගැන හරි ආඩම්බර වෙනව.... ඒක හොඳ දෙයක්...
ඒත්..... අද දන්න තියෙන අත්දැකීම් අනුවත් අපෙ තරුණ පරම්පරාව ඇත්තටම ඉදිරියක් හිතනවද ?
ඉස්කෝලෙදි ඉදිරිය ගැන හිතනවද ? විශ්ව විද්‍යාලෙදි හිතනවද ?

නුවර එළිය පලාතෙ එක ගුරුතුමෙක් ඉන්නවා. ඒ සර් වෛද්‍ය විද්‍යාලයට තේරුනු කෙනෙක්... එතුමා වෛද්‍ය විද්‍යාලට නොගිහින් ගුරු විද්‍යාලයට ගිහින් කිව්වේ,

“ මට මම විතරක් දොස්තර වෙලා වැඩක් නෑ... මට ඕන මගෙ ජාතියෙ අයව දොස්තරවරු කරන්න... “
එතුමා උදේ 6ට විතර ගිහින් උගන්වනව...
- සිංහල කියන අපෙන් මෙහෙම හිතන අය කොච්චර අඩුද හ්ම්....

දන්නවද.. පහුගිය දවසක නිකුත් වෙච්ච පොතක තිබ්බා, ප්‍රේමදාස මහත්තයට බෝම්බෙ ගහපු බාබුට, ඊට අවු 3කට කලින් ප්‍රභාකරන් විශේෂ භෝජනයක් දීලා කිව්වලු අවු. 3කට පස්සෙ අපි කියන දවසක ලංකාවෙ ජනාධිපති මරන්න ඕන කියල, දැන් ගිහින් අවු 3ක් යනකම් ඉන්න, ජනපතිගේ කෑම මෙසේ කෑම ගන්න කෙනෙක් වෙන්න( සිංහල දන්නෙ නැති, කොළඹ දැකල නැති කෙනෙක්ට) කියල.

අන්තිමට බාපු ප්‍රේමදාස මහත්තයගෙ කෑම මේසෙ කන කෙනෙක් උනා.. ප්‍රේමදාස ජනාධිපතිතුමා බාබු එනකම් කෑම නොකා හිටි අවස්ථා තිබිල තියෙනව. කැලෑවේ දුක් විඳපු කෙනාට ලෝකෙ තියෙන ඉහලම සැප ලැබුනෙ කවුරු නිසාද කියල බාබු හිතුවද... ? - එයා ඒව හිතුවෙ නෑ.
අවු 3කට පස්සෙ කෝල් එකකින් දැනුම් දෙනව මරන්න කියල, බාබු ඒක හරියටම කරනව.....
කොයිතරම මොරාල් එකක්ද ??? - අපිටත් තියෙනව මොරාල් එක හ්ම්....

යාපනේ අපේ දෙමල දරුවෝ හමුදාවට බැඳෙන්න කිව්වට එච්චර කැමති උනේ නෑ. හැබැයි එයාලගෙ අධිෂ්ඨානය දවසක දකුණට ඇවිත් දොස්තරල වෙලා දකුණෙ අයට බෙහෙත් කරන්න..
( අපි හිතනව ඒක හොද දෙයක්... )

ගොලු හදවතෙන් පටන්ගෙන... සුජිව ප්‍රසන්න ආරච්චි මහත්තයගේ මොලේ විකාර කරන කතා කියවල ප්‍රේමයක් නැති උනාම ජීවිතේ නැති උනා කියල හිතන සිංහල දරුවෝ ඇති තරම්...

ඉගෙන ගන්න කාලෙ ඉගෙන ගන්නෙ නැතිව, විශ්ව විද්‍යාලයට ගියාම එතන පිකටින්...
යාපනේ දරුවෝ බෝඩ් ලෑලි උස්සගෙන යනවද... ? එයාල ඉගෙන ගන්නව..
ජනතාවගේ ප්‍රශ්නය 13 දෙනවද... නැද්ද නෙමෙයි....

ඒ ප්‍රශ්නය තියෙන්නෙ රට පාලනය කරන අයට විතරයි... ඒකත් එයාල හදල හැමදාම මඩේ දාන දෙයක් විතරයි...
මොකද සල්ලි - බලය තියෙන කෙනා සාමාන්‍ය ලෙස හැමදාම වගේ වැජඹෙනවා, අසරණ කෙනා අසරණම තමයි... ඒක ලෝකෙම හැටි....

No comments:

Post a Comment