Tweets by @Tweetsbysuku myblog: Being super rich won't help in all cases...

Facebook Fan Page

Sunday, October 12, 2014

Being super rich won't help in all cases...



මගෙ යාළුවෙක් ඉන්නව....
අසාමාන්‍ය ධනවත්... අපි සාමාන්‍ය ධනවත්කම හිතද්දි එයා උපදින්නෙම ඉහලම ව්‍යාපාරිකයෙක්ට... දේශපාලන බලයත් තියෙන පවුල්වල...
අවුරුදු කීපෙකට කලින් ආදරයක් තිබිලා ඒ ගෑණු ළමයා ඒ තරම්ම ධනවත් වෙන කෙනෙක් එක්ක යාළු උනා, මොනව උනාද කියල ඊට පස්සෙ එයා ගැන හෙව්වෙ නෑ... හැබැයි ඒක උනේ ෆේස්බුක් වලින් නිසා යාළුවා ආයෙ ෆේස්බුක් එන්නෙ නෑ... ඒනිසා කියතෑකි දෙයක්...
මගෙ යාළුව මැරි කලා... ගැලපෙන තැනකින් ගොඩක් ලස්සන ගෑණු ළමයෙක්ව... බොහොම සතුටින් හිටිය කියල මම හිතුවට එහෙම වෙලා නෑ...
අර ආදර කතාවෙන් පස්සෙ, යාළුව වෙනස් බිස්නස් දියුණුවට මිසක් පවුල් ජිවිතේ ගැන වැඩි උනන්දුවක් නෑ...
අනික කොච්චර සල්ලි තිබ්බත් වයිෆ්ට දෙන්න වැඩි කැමැත්තක් නෑලු... මම නම් හිතන්නෙ ඒ සල්ලි කිසි වැඩකට නැති අපරාදෙ සල්ලි.. මොකද තමන්ගෙ පවුලට සලකන්න බැරි සල්ලි මෙලෝ වැඩක් නෑ...

ගොඩක් දුප්පත් අසරණ පවුල් ජිවිත ගත කරන අය ඉන්නව අපි දන්න බොහොම හොදට සල්ලි ගැන කතා කරලා අගහිඟකම් තියෙද්දි පුලුවන් දෙයක් කරගෙන ජිවිතේ සතුටින් ගෙනියන.... එයාල තියෙන දෙයින් සැනසිලා පාඩුවෙ ඉන්නව...

මෙයාලට මෙච්චර සල්ලි තිබිලත් සැනසීමක් නෑ හිතේ...
අසාමාන්‍ය ධනය, බලය නිසා හිතුනෙ නෑ ආදරය වගේ දේකින් දුක ඇතිවෙලා ඒක ජිවිතේටම බලපාවි කියල... ඒ කාලේ කවුන්සිලින් යන්න කිව්වට ඇහුවෙත් නෑ හ්ම්....
දැන්වත් හොඳ කවුන්සිලින් තැනකට යවන්න ඕන...

No comments:

Post a Comment