Tweets by @Tweetsbysuku myblog: __මාකටින්/විකිණීම/ Marketing/Selling__

Facebook Fan Page

Saturday, December 21, 2013

__මාකටින්/විකිණීම/ Marketing/Selling__

සමහර අය හිතාගෙන ඉන්නෙ අමුතුම විදියකටයි.. එයට හේතුව මේ සිස්ටම් එක ඔළුවට කා වැද්දූ ආකාරයයි...
සමහර අය හිතන්නෙ තමන්ගෙ හැකියාව “විකුණාගෙන“ කෑම වැරදි වැඩක් බවය... එහෙම කියන සමහර අය රස්සාවෙන් පඩියක් නම් ගන්නවාය... පඩියක් කියන්නේද තමන්ගේ හැකියාවට, උගත්කමට, කැපවීමට ලැබෙන දෙයකි.. එනම් එයද මාකටින්ය.. විකිණීමකි...

තව කොටසකට තම නිර්මාණයන් ප්‍රසිද්ධ කර විකිණීමට/මාකටින් අවශ්‍ය වුවද ඒවායෙන් මූල්‍යමය වටිනාකමක් ගැනීමට කැමති නැත... හැබැයි ඒකත් විකිණීමකි....

තවත් කොටසක් තරයේම කියා සිටින්නේ “ මගේ නිර්මාණ මම විකුණන්නේ නෑ කියාය“ ... හැබැයි එහෙම අය ඊට වඩා උපයන්නේ එම වචනම භාවිත කරගෙනය...

කොහොම කිව්වත් නැතත්... අපි හැමෝම උපතින්ම හොඳ විකිණුම් දන්නා අයයි... මාකටින් මනේජර්ලාය(බඩගිනි වූ විට කිරි ඉල්ලීම).... කාලය සමග එය වෙන වෙන මතිමතාන්තර වලින් වෙනස් කරගෙන ලෝකෙට ඕනෑ විදියට හදාගෙන ජීවත් වෙති...

මක් නිසාද යත් යථාර්ථයට වඩා හදාගත්/මවාගත් ලෝක වල ජීවත්වීම, සිහින දැකීම හරිම සුන්දර ප්‍රියජනක දෙයක් නිසා.....

- යථාර්ථවාදි ජනතාවාදියා...

No comments:

Post a Comment