Tweets by @Tweetsbysuku myblog: දැන් හිතෙන ඒවා...

Facebook Fan Page

Monday, December 9, 2013

දැන් හිතෙන ඒවා...

වෙලාවකට හිතෙනවා.. මම දැන් ඉස්සර වගේ හොඳ නැද්ද කියල.... විශේශයෙන් ටිකක් රළු වෙලාද කියල හිතෙනව වෙනදට වඩා...

ඒකට හේතුවක් විදියට හිතුවම හිතෙන්නෙ, හොඳ හරි හොඳ අරමුණකින් හරි කරපු ගොඩක් දේවල් වලින් සාර්ථකත්වයක් නොලැබීම වගේම සිතු ප්‍රතිඵල නොලැබීම, අනවශ්‍ය කරදරත් ඇතැම්වට හිතෙනවා..
ඒවගේම අතිබහුතරය යහපත්කමට ගරු කරාට, අනුගමනය කරන්නෙ, අගයන්නේ ද්‍රව්‍යාත්මක දේවල් තියෙන සීලයෙන් වගේම අනිත් බොහෝ දේවල් වලින් බාල අයටත් වීමත් හේතුවක් කියල හිතෙනවා...

ඒව එහෙම උනත් අදටත් විශ්වාසවන්ත යාළුවෝ සෑහෙන්න ඉන්නෙ ඇත්තටම මගෙන් වාසි බලාගෙන නොවෙන බවත් දන්නවා. එයාල ඇත්තටම යාළුකමට ඉන්න අය. ඒක මතක් වෙද්දි නම් වේදනාවක් වගේ දැනෙනවා....

මට හිතෙන්නෙ ලෝකෙ ජීවත් වෙන්න ඕනවට වඩා හොඳ වෙලා කරන්න බෑ කියලයි...
යහපත්කම් පමණට වඩා නොකර ගානට හොඳින් ඉන්න පුලුවන් නම්.... අන්න ඒක වටිනවා... හ්ම්...

No comments:

Post a Comment