Tweets by @Tweetsbysuku myblog: At Parliament

Facebook Fan Page

Friday, December 13, 2013

At Parliament

ගයි මාම එක්ක පාර්ලිමේන්තුව බලන්න යන්න කාලෙක ඉදලා ඕන වෙලා තිබුනත් දිගටම ඒ වැඩේ පරක්කු උනා... අද තමයි යන්න උනේ...

මම ඉතින් උදේම ‘සිරිකොතට‘ ගිහින් වාඩි වෙලා හිටියා. ඊට පස්සෙ 9 30ට විතර ගයි මාමා එක්ක පාර්ලිමන්ට් එකට ගියා. කැමරා, ෆෝන් මොකුත් ගෙනියන්න බෑ. අයි.ඩී එක විතරයි.
අද ප්‍රවාහන අමාත්‍යංශ විවාදය, අයවැයට අදාලවද කොහෙද....
කොහොම හරි පටන් ගැනීම.

මුල්ම කතාව තිබ්බෙ ගයි මාමට. මට හිතෙන හැටියට බොහොම හොඳට කතාව කලා. ආණ්ඩුවේ හොඳ වැඩ අගය කලා. වෙල්ගම ඇමතිතුමා වැඩේට සුදුසුම කෙනා කියලත් ප්‍රශංසා කලා. ඒ අතර, නොකියා කිව්වා වෙල්ගම ඇමතිතුමාගෙ ආසනේ අය වැඩියෙන් රස්සා වලට අරන් කියලත්....
ඊට අමතරව නව තාක්ෂණය ගෙන ඒම ගැනත් කතා කලා.. ඒක කල යුතුයි කිව්වා.
ඒකට ගොඩක් අය කැමතිත් උණා.
ඊට පස්සෙ පෞද්ගලික ප්‍රවාහන ඇමති සීබී රත්නායක මහත්තයත් කතා කලා. ඒකටත් පස්සෙ ද්‍රවිඩ සන්ධානේ මන්ත්‍රි කෙනෙක් නම මම දන්නෙ නෑ, කතා කලා. ව්‍යවස්ථාව අනුව උතුරේ ආණ්ඩුකාරතුමා එයාලට කරන අසාධාරණ, ඔප්පු කරලත් පෙන්නුවා. කවුරුවත් වැඩිය ඒකට උත්තර දෙන්න නම් ගියේ නෑ...

කොහොම හරි 11ට විතර මා එක්ක ගිහින් මුළු පාර්ලිමේන්තුවම වගේ පෙන්නුවා. කැබිනට් ඇමතිවරුන්ට වෙනම කාමර පවා තියෙනවා. ජනාධිපති කාර්යාලය, විපක්ෂනායක කාර්යාලය, කථානායක කාර්යාලය වගේ තැන් ගැන පෙන්නුවා. ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම රැස් වෙන තැන, ඉස්සර බෝම්බයක් ගහපු තැනත් එතන...
ඊට අමතරව හැමදේම වගෙ තියෙන පාර්ලිමේන්තු පුස්තකාලය, බැංකු, තැපැල් කන්තෝරු, කැන්ටිම් ඒවත් කියල දුන්නා. පිටරට යනකොට හැමදේම කරගන්න තැනත්, වටපිටාවේ දේවලුත් කිව්වා. ජෙෆ්රි බාවා මහත්තයගෙද කොහෙද සැලසුම...

ඊට පස්සෙ මා එක්ක ගිහින් තේ බිලා, වෙඩින් එකකට සයින් කරන්න ගියා, සිනමන් ග්‍රැන්ඩ් එකට, මම ආපහු ගැලරියට ගිහින් කතා අහගෙන හිටියා. වෙල්ගම ඇමතිතුමාගෙ කතාවත් හොදයි... කෙලින්ම සමහර දුර්වලතා කියන එක hilarious වගේ... ඒ උණත් කෙලින්කම අගය කරන්න ඕන, හ්ම්....

ඊට පස්සෙ මම 12 30ට විතර ලන්ච් අරගත්තා, ගයි මාමා කැන්ටිමේ අයට කියල තිබ්බ. ඊට පස්සෙ එතන අය එක්ක කතා කර කර ඉද්දි 1 හමාරට විතර කෝල් කරලා කිව්වා දැන් එනවා කියල මම ඒපාර වටේ කැරකි කැරකි ආයෙත් ආපු තැනට ඇවිල්ලා අයි.ඩි එකත් අරගෙන එන්ට්‍රන්ස් ගිහින් හිටියා.
ගයි මාමා 2ට විතර ඇවිත් සෞඛ්‍ය අමාත්‍යංශයේ විවාදෙ නිසා කතා කරන්න ගියා මාව ගෙදරට ඩ්‍රොප් කරන්න කියල... ඉතින් මොන්ටේරො එක මගෙ වගේ මම ගෙදර ආවා...

පාර්ලිමේන්තුවට නිතර යන්න හිතෙන තරමට එතන හොඳයි වගේ... හ්ම්...


No comments:

Post a Comment