Tweets by @Tweetsbysuku myblog: 12th -

Facebook Fan Page

Thursday, December 12, 2013

12th -

අද උදේ නිදාගත්තේ 1ට විතර උනේ, විශේෂයෙන් බ‘ත්ඩේ විෂස් දාන්න ඕන උන නිසයි.... මැච් එක බලපු එකත් හේතුවක්, ඒත් ඒක කලේ නැගිටල ඉන්න ඕන නිසා...

කොහොම හරි උදේ 4.00 විතර නැගිටලා, වැඳල ඇවිදින්න පිටත් උනා.. 4.50. ගෙදර ආවෙ 6 පහු වෙලා දිව්වත් එක්ක.. හ්ම්...
ඊට පස්සෙ නාලා කාලා, පිරිත් කියල ඩොක්ට අයියලගේ ගෙදර යන්න ලෑස්ති වෙලා ඉද්දි අග්බෝ අංකල් මුණ ගැහුනා...
ලයනල් අංකල්ලගෙ ගෙදර යද්දි 8 40 විතර. ජෙනි ආන්ටිත් හිටියා, අයියත් හිටියා.. ඊට පස්සෙ 11 විතර වෙනකම් එහේ හිටියා, අංකල් වෙඩින් එකකට ගියා අයියටත් වැඩ වගයක් තිබ්බා.

එන ගමන් නිකමට බලද්දි මාලා ආන්ටිලගෙ ගෙදර ගාවදි මෙන්න ජෝ අංකල් ඉන්නවා. ඒපාර ගිහින් කතා කරා. පැයක් විතර අපි කතා කලා. ජෝ අංකල් අද හෙටම ආයෙ ෆ්ලයි කරාවි හ්ම්...

රටේ තත්වෙයි, බිස්නසුයි ගොඩක් ඒව කතා කලා. ඊලගට ආවම මාව මීට් වෙන්න ඕන කිව්වා. කොහොම හරි ඊට පස්සෙ ගෙදර එද්දි 12 20ට විතර. එතකොට දන්නෙ යතුර ගෙනිහින් නෑ කියල.
නංගිත් නෑ. එකම එක පොඩි පටු ජනේලයක් තිබ්බා. ඒකට නැගගන්න අමාරුයි. ෆිට්නස් ටිකක් අඩු නිසා. කොහොම හරි පල්ලෙහා ගෙදර සීයා ඇවිල්ලා කිව්වා සීයගෙ අත උඩින් නැගලා යන්න කියල ජනේලෙට.
සීයට දැන් 70ක් විතර. කරන්නම දෙයක් නැති නිසා අතට පය තියලා නැග්ගා. නැත්නම් තාම එතන... කොහොම හරි සීයා මාර හයියයි(ඇස්වහක් කටවහක් වදින්න එපා). අත හෙල උනේවත් නෑ මගේ මුළු බරටම....

ඒක ඉවර වෙලා සීයා එක්කත් කතා කර කර හිටියා. දකුණෙකමනේ... එහෙම හිටියට සීයා ජනාධිපතිතුමා එක්ක සෙල්ලම් පවා කරපු කෙනෙක්. ඒ ලගම ගෙවල්. ඒ විස්තරත් කරපු බිස්නස් ගැනත් ඇහුවා පැයක් විතර කතා කර කර ඉදලයි ගෙදර ආවේ....

නිදිමතයි මහන්සියි... ඒ වෙලාවේ..
 

No comments:

Post a Comment