Tweets by @Tweetsbysuku myblog: බොරළු පාර ටෙලි නාට්‍යය

Facebook Fan Page

Thursday, February 7, 2013

බොරළු පාර ටෙලි නාට්‍යය

මෑතක බලපු හොඳම ටෙලියක් වෙච්ච බොරලු පාර අද අවසාන උනා... මෙගා වලින් මොල විකෘති වෙච්ච ලංකාවෙ, බොරලු පාර හැමෝටම ආදර්ශයක්... ජාතික රූපවාහිනිය දන්න තරමින් හැමදාම කතාවල කොලිටිය ආරක්ෂා කරගත්තා....

බොරලු පාරේ සාමාන්‍යයෙන් අසාමාන්‍ය සිදුවීමක් උනා.... රට වනසන ඇමති කෙනෙක්ව වරදට අහුවෙලා දඬුවම් ලැබුනා... ඒක ඉතින් ලංකාවෙ වෙන්නෙම නැති දෙයක් නිසා ටෙලියකින් හරි දැක්කම බලාපොරොත්තුවක් ලැබුනා... හ්ම්...

කොහොම උනත් ඒවගේ කතාවක් බලපු එක හිතට ශක්තියක්....

හොඳ නළු නිලියො වගේම, කතාවෙන් සෑහෙන ආදර්ශයක් ලැබුනා, නීතිය ක්‍රියාත්මක කරන, නොකරන නිලධාරින්, පාතාලයන් දේශපාලන අතකොළු, පාසල් වයසෙ ප්‍රේම සම්බන්ධ, පවුල් සම්බන්ධය රාජකාරිය එක්ක හරියට කරගන්න බැරි වෙන පොලිස් නිලධාරින්.... තත්වය පහතට ගියාම කවුරුත් නොසලකන හැටි.... ඒවගේම හිතට එකඟව හෘද සාක්ෂියට වැඩ කරන අය..
අසරණ වෙන අයට උදව් කරන විදි....

සමහර අය හිතන් ඉන්නෙ පන්සලට දන්දීලා පින් කැටේට සල්ලි දැම්මම නිවන් ලැබේවි කියල... එහෙම කියලා සල්ලි පොදි ගහනවා....
එහෙම නිවන ලැබෙනව නම් ගොඩක් අය ගිහින්... හරි ලේසියි.. ෂෝට් කට් එකක් වගේ.... නිවන් එහෙම ෂෝට් කට් වලින් බෑ... හයිවේ වලිනුත් බැරිය....

මොලේ පෑදෙන්න ඕන රටක ඉන්න, මගෙත් මොලේ පෑදිලා නෑ තාම මට හිතෙන්නෙ.. හ්ම්.......


No comments:

Post a Comment