Tweets by @Tweetsbysuku myblog: ලංකාවේ අර්බුදයේ විශේෂ පැතිකඩ

Facebook Fan Page

Wednesday, March 1, 2023

ලංකාවේ අර්බුදයේ විශේෂ පැතිකඩ

 ධර්මය වුවද හරියට අල්ලා ගත යුතුය.


" සර්පයෙකුගේ වලිගයෙන් ඇල්ලූ විට, සර්පයා දෂ්ට කරනවා. හිසෙන් ඇල්ලුවොත් හරියට අල්ලන්න පුලුවන් "
- ධර්මයද එසේය..

- වත්මන් ජනාධිපතිවරයා සදාචාර විරෝධි, අසාධාරණ විදියට රට පාලනය කරනවා.

( 01 - උසස් පෙල විභාගය කාලේ දරුවන්ට විදුලිය දුන්නෙ නෑ, බිල වැඩි කලා, විදුලිය කපන්නේ නෑ, 02 - රාජ්‍ය ඇමති ඩයනා ගමගේ ගැන අධිකරණයෙන් දුන්න තීන්දුවට නිසි ක්‍රියාත්මක වීමක් නෑ, 03 - රාජ්‍ය ඇමතිවරුන්ට සැප වාහන 239ක් ගෙනත් ( මව්බිම), කෝටි 200ක විදුලි බිල බොල් ණය සේ කපලා ( පත්‍ර වාර්තා) )

* රටේ භික්ෂුන්වහන්සේලා තමයි​ මේ ගැටළුව මේ තත්වයට ඇති කරන්න මූලික වෙලා තියෙන්නෙ. විශේෂත්වය තමයි, ඒ හාමුදුරුවරුන් අතිබහුතරය විතරක් නෙමෙයි සියල්ලම පාහේ භික්ෂූත්වයට පිටින් වැඩ කරන අය වීම.

- ඉස්සර හාමුදුරුවරුන්, රජවරුන්ට උපදෙස් දුන්නා විතරක් නෙමෙයි සෑහෙන දෙයක් කලා. විශේෂයෙන් රජ වැරදි දෙයක් කරනවා නම් කැරලි පවා ඇති කලා.

* ඒ සියලු දේ කලේ සද් සිතින් සහ බොහෝමයක් ඒ ගැන උදාහරණ තියෙනව..

නමුත් අද ඉන්න අතිබහුතරය ඒක කරන්නෙ තමන්ට වරප්‍රසාද ගන්න සහ තමන් සිවුර දරන ගමන් කරන වැරදි දේ වසාගන්න..

ඕක රටේ මූලික අවුලක්...

දැන් හදන්නෙ කොහොමද ? ඒක හදන්න ඇත්තටම අමාරුයි..
සමාජ සංස්ථාවේම වෙච්ච වරදක් තමයි මේ දැන් තියෙන්නෙ.. භික්ෂූන්වහන්සේලාත් සමාජ සංස්ථාවේ 1 දෙයක් තමයි..

#SriLankaCrisis #srilankanstyle #srilankamonks #monks

No comments:

Post a Comment