Tweets by @Tweetsbysuku myblog: රට සහ ඉදිරිය ගැන මට හිතෙන හැටියට,

Facebook Fan Page

Sunday, November 1, 2020

රට සහ ඉදිරිය ගැන මට හිතෙන හැටියට,

 


දේශපාලන අර්ථයෙන්, අපි විශ්වාස කරන - කැමති දේශපාලන දේවල් වලින් රට ගැන තීරණ ගන්නව නම් ඒක නිවරදි නැහැ.

කොහොම උනත් අපේ රට වගේ රටක් ගැන දේවල් කියද්දි, දේශපාලන අදාලත් වෙනව සෑහෙන්න..

- සමහර යාළුවෝ සහ අපි නිතර සමාජ මාධ්‍ය වල දකිනවා, චීනෙ ලංකාව අල්ලාවි, ඇමරිකාව අල්ලාවි වගේ දේවල්. 

ණය බර අධික වෙච්ච, ලෝකෙ වැඩිම වක්‍ර බදු ගෙවන රටක් වෙන අපිට එහෙම බයක් ඇති වෙන එක සාධාරණයි. චීනෙන් අධිකව ණය ගැනීමත්, අපේ අපනයන වලින් 1/3 වඩා ඇමරිකාවෙන් ගැනීම වගේ කාරණාත් එක්ක ඒව වෙන්න පුලුවනි. අනික රට ගැන පාලකයන්ගෙ තියෙන නොසැලකිල්ල. 

කොරෝනා මුල් රැල්ලට පස්සෙ සෞඛ්‍ය අංශවත් දියුණු කරන්න කිසි දෙයක් නොකිරීම තුල ඒක පැහැදිලියි.

ඒව දැනෙන  - තේරෙන කාරණා.

අනිත් පැත්ත හිතුවාම, 

● ලංකාව කියන්නෙ ලිඛිත ඉතිහාසයේ වසර 2500 තුල දැනුවත්ව විතරක් 3 වතාවක් බුද්ධ ශාසනයට පූජා කරපු රටක් ! 

● සර්වඥ ධාතුන්වහන්සේලාගෙන් වැඩි හරියක් තියෙන්නෙ අපේ රටේ. අපි දන්න ඒවා වගේම නොදන්න ඒවත් බොහෝම තියෙනවා. සර්වඥ ධාතුන්වහන්සේලා ලෝක පාලක දෙවිවරු රකිනවා. ඒවගේම, නාග ලෝකයෙත් ( ගිය අවුරුද්දෙ කැළණි පන්සලේ කරපු විගඩම නෙමෙයි, ඒක බොරුවක්), සෑහෙන්න සම්බන්ධකම් තියෙන්නෙ අපේ රටට. නාග ලෝකය ගත්තාම අපිට වඩා ගොඩක් කුසලය බලවත් අය ඉන්න ලෝකයක්. 

● අපේ රට කොයිතරම බෞද්ධ උනත්, ඉතිහාසය පුරාම අපි රටක් විදියට සෑහෙන අසරණ උනු කාල අපිට ඉතිහාසය හොදට කියෙව්වොත් හොයා ගතෑකි.

උදාහරණ විදියට, එලාර රජුගේ කාලයේ අනුරාධපුර පැති වල අපේ ජය ශ්‍රී මහා බෝධින්වහන්සේට, ථූපාරාමයට කරපු අසාධාරණ ඉතිහාසය හොදින් කියෙව්වා නම් තේරුම් ගන්න තිබ්බා. 

“ සිංහලකම “ කියන්නෙ අනිත් ජන වර්ග - ජාතින් මරා දාලා, රට විනාස කරන පාලකයන්ට බලය දෙන්න මෝඩ වෙන එක නෙමෙයි -( ඒක දැන් තේරනවා ඇති)

මේ වගේ ප්‍රෞඪ ඉතිහාසයක් අපිට තියෙන නිසා ඊලග ගමන හරියට යන්න ඒකෙන් පාඩම් ඉගෙනීමයි.

- ඉතින්, මිථ්‍යාදෘෂ්ටික ද්‍රවිඩයන් ඒකාලෙ ජය ශ්‍රී මහා බෝධින්වහන්සේගේ නැගලා ඔංචිලි පදිනවලු. ථූපාරාමයට ගිහින් මලපහ කරනවලු. ඕව දරන්න බැරිව එක තරුණයෙක් කරන්නෙ ඕව කරන්න එන අයව මරලා දානව. අසාමාන්‍ය කාය ශක්තියක් තිබ්බ ඒ තරුණයා ( නන්දිමිත්‍ර) මරණ අයව, ජය ශ්‍රී මහා බෝධින්වහන්සේ ඇතුලු අටමස්ථානයම රකින “  කළු දේවතා බණ්ඩාර“ දෙවියන් ඇතුළු දෙවිවරු හංගනවලු. ඒකියන්නෙ මෘත දේහ නෑ. මිනිස්සු යනවා අතුරුදන් වෙනවා. එච්චරයි. පස්සෙ කාලෙක ඒ තරුණයා දස මහ යෝධයෙක් විදියට රට බේරගන්න උදව් කරනවා. 

- කාලිංග මාඝ කාලෙත්, පෘතුගිසින් විශේෂයෙන් දොන් ජෙරනිමෝද අසවේදු කියල හිටිය පෘතුගිසි කපිතාන් පුදුම තරම් විනාසයක් අපේ විහාරස්ථාන වගේම මිනිසුන්ට කරල තියෙනවා. පහුගිය කාලේ වඳ පෙති වගේ කතාත්, තව බොහෝ දේ එක්ක දේශපාලන කැම්පේන් කරලා මුස්ලිම් අය නරකයි වගේ කිව්වට ඒ කාලෙ මරක්කල අය සිංහල රජුට පක්ෂපාතව ඉදල තියෙනව සෑහෙන්න. වීදිය බණ්ඩාරගේ උවමනාවට කොළඹ කොටුවෙත් ආසන්නවත් හිටිය පෘතුගිසින්ට සෑහෙන්න කරදර කරල තියෙනවා සිංහල අය එක්ක එකතු වෙලා. 

රට බේරගන්න නම් මුලින් ඉතිහාසෙ කියවන්න ඕන - නිකමට කිව්වෙ..

- ඔය හරියට රට ජාතිය දන්නෙ නැති අය තමයි, මහා රාවණා නැගිටින කතාවටයි, කැළණි ගගේ නයාගෙ කතාවටයි ලේසියට රැවටෙන්නෙ.  ඒ අයට හිතන්න ශක්තියක් නෑ. එනිසා ඕන දේකට අහු වෙන්න ඒනිසාම ප්‍රචණ්ඩ වෙන්න ඉඩ වැඩියි..

කොහොම හරි, මම මේ කිව්වෙ, අපි ඉතිහාසෙ පුරාම සෑහෙන කරදරකාල පහු කරපු ජාතියක්. ඔය කිව්ව ඒවට අමතරව, මහා විජයබාහු රජ පහල වෙන්න කලින්, 5 වෙනි මිහිදු රජතුමාගෙ කාලය, ධාතුසේන රජතුමාට කලින්, වලගම්බා රජතුමාගෙ කාලය වගේ කාලයන් පවා සෑහෙන කරදර විදල තියෙනවා..

- මොන අඩුපාඩු තිබ්බත්, නැතත් අපි ඒ වගේ කාල පහු කරපු ජාතියක් !!!

මේ මහ පොලවේ ඉපදුනු, සිංහල, දෙමළ - මුස්ලිම් - බර්ගර් හැමෝටම අපේ රටත් අපේ ඉතිහාසයත් අයිතියි වගේම ඒක අපි හැමෝගෙම වගකීමක්.. අදත් - එදත් 2ම අපේ යුතුකමක් රැකගැනීම සහ සංරක්ෂණය..

එනිසා හිතාගෙන හිටියට, චීනෙටවත්, ඇමරිකාවටවත් අපිව අල්ලන්න ලැබෙන්නෙ නෑ. මේක බුදුන්ගෙ දේශය.. දෙවිවරු රකින - සුරකින රට..

තම තමන්ගෙ කුසල - අකුසල අනුව විපාක තියේවි. වෙලාවකට හිතෙනවා පව වගේම පිනත් වැඩියෙන්ම ඵල දෙන රට අපේ රටද කියලත්..

- දැන් තියෙන තත්වය අනුව රටේ තත්වය බොහෝම අවදානම් කියල හිතුනත්, රට හොද තත්වෙකට ඒවි කියල හිතේ කොනක බලාපොරොත්තුවක් තියෙනව හ්ම්..

#රටයනඅත #ඉදිරිය #ඉතිහාසය #history

වෙබ් අඩවිය  - www.tipsyinsider.com

No comments:

Post a Comment