Tweets by @Tweetsbysuku myblog: ජංගම ආට්සෙන්ටර් + ජංගම පුස්තකාලයක් !

Facebook Fan Page

Monday, August 24, 2020

ජංගම ආට්සෙන්ටර් + ජංගම පුස්තකාලයක් !

 “ උන්ට කියවන පුරුද්ද හදන්න. ගොඩක් පොඩි උන්ට කියවන පුරුද්ද නෑ. ඒක නිසා උන්ව වට කරගෙන පොතක් කියවනවා. නැත්නම් ඒක ප්‍රාසාංගික විදියට පෙන්වනවා“.

“ මොකටද ? උඹලට පිස්සුද “

“ කලාව, සාහිත්‍ය නැති පරම්පරාවක් එක්ක ජිවත් වෙන්න අපි බයයි. උන් ප්‍රචණ්ඩයි. තර්කයක් නෑ. විකල්ප අදහසක් නෑ. ඕනම වර්ගවාදයකට ලේසියෙන් නම්ම ගන්න පුලුවන්. උන් භයානයකි. එහෙම උන් එක්ක ජීවත් වෙන්න අපි බයයි..“

“ පිස්සුද උඹලට. එහෙම බය නම් වීසා එකක් හදාගෙන රටින් පලයං“

“ උඹට එහෙම ඕන නම් අපි ඒකටත් උදව් කරන්නම්. අපි යන්නෙ නෑනේ. ඒක නිසා අපි මේක හදාගන්න ට්‍රයි කරනවා “

- සත්‍යා ටෙලි නාට්‍යය

සැබෑ ජිවිතයේදීද අතමිට සරු නැතිව, “ වේලකට හාල් පොල් රැගෙන යන පොරවල්ය“ කියන කාරණාව, ඇත්තටම අත්විඳින ගමන්, අනිත් මිනිස්සු වෙනුවෙන් කැපවෙන, රටේ මිනිසුන්ට වඩාත් හොද ජිවන් තත්වයක් අරගෙන දෙන්න වැඩ කරන මිනිස්සු ඇත්තටම මේ රටේ ඉන්නවා. මට මුණගැහිල තියෙනවා. මම වැඩ කරල තියෙනව..

වැඩි දෙයක් නැති නැතිව, ඇත්තටම ඇති දෙයක් නැතිව, මිනිස්සු වෙනුවෙන් වැඩ කරන ඒ මිනිස්සු ගැන හිතද්දි, සියලු පහසුකම් සහිතව පාලන බලය දෙන අය සහ එයාල නිසා වැජඹෙන අය ගැන හිතද්දි මොකක්දෝ අමුතුම හැගීමක් එනවා. කර්මයද මංදා කියලත් හිතෙනව. මොකද ඇත්තටම, බලය ලැබිලා අධි සුඛෝපභෝගි ජිවිත ගෙවන අයට රට ගැන එහෙම කැක්කුමක් නැති බව දන්න නිසා..

- මේ කතාවෙම කලින් කොටසෙදි කියනවා, දවසකට එක වතාවක්වත් මැරෙනව කියල මිනිහෙක්ට මතක් කරන්න ඕනය නැත්නම් ජිවත් වෙනව කියන එක අමතක කරනවය කියල. ඒකෙනුත් මට හිතුනෙ අනිත්‍ය ස්වභාවය ගැන වෙන විදියකට, සමහරවිට ආගමික දෘෂ්ටිවාදයකින් තොරව, මානුෂීය ස්වරූපයකින් කියල දීලා කියල. බුදුන්වහන්සේ උනත්, ජේසුතුමා උනත්, ඒ ඇර කෝටි ගණන් ඉන්න දෙවිවරු ගැන උනත් මහානීය - මහේශාක්‍ය ස්වරූපයෙන් අපි දේවල් කරද්දි, ඇත්තටම ඒ අය තුල තිබුනු කාරුණික භාවය, මුදිතාව වගේ ගුණයන් වැහෙනවද කියලත් හිතිල තියෙනව..

#සත්‍යා #ලංකාව #අයිටීඑන් #sathya #lka #itn

No comments:

Post a Comment