Tweets by @Tweetsbysuku myblog: _ මා දුටු රනිල් _

Facebook Fan Page

Wednesday, August 12, 2020

_ මා දුටු රනිල් _

 රනිල් වික්‍රමසිංහ යනු ලාංකීය දේශපාලනේ Legend එකකි.
1977 දී බියගමින් ඇරඹි පාර්ලිමේන්තු දිවිය, 2020 වනතුරු තිබුනු අතර, 1994 සිට ලංකාවේ ලොකුම දේශපාලන පක්ෂයේ නායකත්වයද අඛණ්ඩව දැරීය.
* වසර 42ක පාර්ලිමේන්තු දිවිය තුල, කිසිදින ඔහු පාර්ලිමේන්තු වැටුප ගෙන නැත.

(රනිල්, අධ්‍යාපන ඇමති කාලයේ කල බොහෝ සේවා ඇත. ජාතික අධ්‍යාපන පීඨ වල සිට පටනගත්තොත් කියන්නට දේ බොහෝය)

● මට රනිල් ගැන උනන්දුවක් ආවෙ 2000 එවකට පැවති චන්ද්‍රිකා ආණ්ඩුවේ පැවති දුර්වලභාවය නිසාය. 1999 සිට ඥාතියෙක් පලාත් සභාව තුලින් දේශපාලනයට ආ අතර, මා විසින් ඊට පෙරට වඩා තරමක සක්‍රීයව දේශපාලනය ගැන උනන්දු වූයේ ඒ කාලයේය.

2001 මැතිවරණ තේමා පාඨය, 

“ යුධ ගිනි නැති රටක් - දුක් ගිනි නැති හෙටක්“ විය. රනිල් වික්‍රමසිංහ එවකට ගාල්ල, බද්දේගම, බෙන්තර ඇල්පිටියේ කරන ලද දේශපාලන රැළි බලන්නට මම ගිය අතර, ඒවා ඉතා ආකර්ෂණීය ඒවා විය. 2001 රජයේ එවකට ඉහල කැබිනට් ඇමති ධූරයක් ලද වජිර අබේවර්ධන සමග අලංකාරවත් බස් රථයක රනිල් නායකතුමා පැමිණෙන අයුරු මට අදද මතකය.

● 2002 - 2004 ආණ්ඩුව ඍණව පැවති ආර්ථිකය ධන කලේය. විදේශ සංචිතය ශක්තිමත් කලේය. සෑම අතින්ම රටට ඉදිරියට යෑමට උදව් කරන ලදි. සටන් විරාම ගිවිසුම තුල, යුධ හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාවමද, පොලිසියද ඉතා ශක්තිමත් කෙරුනි. යුධ හමුදාවට කල සේවය ගැන, යුධ හමුදාවේ 50 වන සංවත්සරයේ ඉතා ඉහලින් අගය කර ඇති අතර පිටු ගණනාවක සදහන්ය. ඒ ආකාරයට වර්ණනාවක් යුධ ජයග්‍රහණය කල නායකයා වූ මහින්ද රාජපක්ෂටවත් නැත. සටන් විරාමය තුල, මරුමුවට පත් වූයේ, එක් සෙබලෙකු පමණි. ඔහු වැරදීමකින් අවිය සමග කොටි ප්‍රදේශයකට ගොස් තිබින.  අපකීර්තිමත් “ මිලේනියම් සිටි“ යුධ හමුදා බුද්ධි නිලධාරින් ඝාතනය වූයේ ඒ සමයේය. රනිල් නොදැන, ජනපතිනිය දැනගෙන පැවති යුද හමුදා විශේෂ බුද්ධි අංශයක් වූ එතැන එලිදරව් කරමින් ගැටළුව ඇති කලේ එවකට සිටි ඉහල පොලිස් නිලධාරියෙකි. 

● සටන් විරාමය, ගොඩබිමට අදාල වුවද, මුහුදට අදාල නැත. කොටින්ගේ නැව් ගණනාවක් මේ කාලයේ ගිනිබත් කෙරින. තවද සන්නිවේදන උපකරණ ඇතුළු බොහෝ දේ කොටින්ට ගෙන යන්නට අවසර ලැබින. ඉතිහාසයේ පලවෙනි වතාවට දෙමල ජනතාවට තරමක නිදහසක් ලැබුනු අතර, කොටින්ගෙන් ප්‍රශ්න කරන්නට පවා දෙමල ජනතාව නිර්භය වූ 1 වෙනි වතාව එය වීය.

හමුදාව ශක්තිමත් කිරීමත්, සටන් විරාමය ඇතුලේ පැවති සාකච්ඡා වලදී කරුණා වැනි කොටි නායකයන්ට ලෝකයේ තත්වය වටහා දීමත් නිසා කොටින්ට පසුව සන්නද්ධ නායකයා නැති වීය. 

රනිල්ට වූ චෝදනාව වූයේ කොටි සුරතල් කලා යන්නය. නමුත් රනිල්ගේ ක්‍රමයට ගියා නම් වසර කීපයකදී, ප්‍රභාකරන්ට සිද්ධ වන්නේ තනිවම සයිනයිඩ කන්නය. 

● කාලයක්ම ඇදුනු ලයිට් කපන අර්බුදයද මාස 6කටත් කලින් නතර කලා මතකය...
හැබැයි රනිල්ට වැරදුනේ, චන්ද්‍රිකාව විශ්වාස කිරීමෙනි. ඇය, ආණ්ඩුවෙ ඇමතිකම් අරගෙන වෙනම දෙයක් කලා. එතනදිත් පාක්ෂිකයන් දහස් ගානක් එයාපෝට් ගියේ නායකතුමාට ආණ්ඩුවෙන් ඉවත් වෙලා වැඩ කරන්න උනත්, මහත්මා ගති පෙන්වූ රනිල් ඒක කලේ නැත.

● 2005 ජනපතිවරණ කාලයේ, පුලියදේවන් හරහා කොටින්ට සල්ලි දෙන කතා අපිට ආරංචි විය. පසුව දැනගත් පරිදි, ඒ යෝජනාව මුලින්ම පැමිණ තිබුනේ රනිල්ටය. රනිල් එය ප්‍රතික්ෂේප කලේය. 

කිලිනොච්චියේ ඡන්ද ප්‍රකාශ කිරීම 01කි. එය රනිල්ට ප්‍රකාශ විය. ඡන්දය දුන් තැනැත්තාගේ අත කොටින් කැපූ බව පසුව ප්‍රකාශ විය. 

● 2012 කාලයේ මතක විදියට යොවුන් පෙරමුණේ වැඩසටහනකදී, ආණ්ඩුවේ අවුලකට, ආණ්ඩුව දැන් ගමු යැයි කියූ බොහෝ අය විය. රනිල් නැගිට, අත් 2 වනා අපිට කීවේ දැන් ගන්න බෑ. අපි ගන්නෙ 2015 කියාය.

ඒ විදියටම 2015 ආණ්ඩුව ගත්තේය. 

● කිසිදු ආණ්ඩුවක් නොදුන් තරම් සහන ජනතාවට දුන්නේය.
තොරතුරු පනත, 19 වෙනි සංශෝධනය වැනි දේ ගේන්නට මූලිකත්වය ගත්තේය.
බෞද්ධාගම ගැන කොයිතරම කිව්වත්, පිරිවෙන් වලට හරියට ගෙව්වේ, පන්සල් වලට කිසිදු ආණඩුවක් නොදුන් තරම් ප්‍රතිපාදන වෙන් කලේ, භික්ෂු රක්ෂණය යනාදිය පවා ගෙනාවේ මෙතුමාගේ මූලිකත්වයෙනි. 

● රනිල්ගේ මා දුටු අවුලක් තිබේ, එනම් නොදන්නා අයව විශ්වාස කිරීමයි. පහුගිය සමයේ ඉහල තනතුරු වලට පත් ඇතැම් අය එහෙම අයය. ඔවුන් පක්ෂේ සිටිය අයද නොවේය. නියම දක්ෂතාවයක්ද තිබුනේ නැත. එසේම හැකි පලමු අවස්ථාවෙන්ම රනිල්ගෙන් ඉවත් වූවෝය.

තවද වසර 20ක් ආණ්ඩුවක් නැතිව විවිධ තාඩන පීඩන වලට ලක්ව සිටි පාක්ෂිකයන්ට නිසි ඇගයීමක් - සැලකීමක් ලැබුනේ නැත. එය රනිල්ගේ තනි වරදක් නොවේ, එයට ආසන සංවිධායකවරු වගකිව යුතුය. 

බැදුම්කර වංචාවේදී ක්‍රියාත්මක වීම ප්‍රමාද විය. එය බිලියන 11ක් වෙද්දි, බිලියන 12ක වත්කම් අත්හිටුවා තිබියදි 2008 - 2015 බිලියන 989ක වංචා බව ජනගත කිරීමට නොහැකි විය. පාස්කු ප්‍රහාරයේ මූලික වගකිව යුත්තා නොවුනත්, එයද පෙරලුනේ රනිල් ප්‍රමුඛ එජාපයටය ( ජනපති, ත්‍රිවිධ හමුදාව, පොලිසිය - නීතිය හා සාමය යනාදි සියල්ල තිබුනෙ එජාපයේ නොවේය)

ඒ විදියට බලය එජාපයෙන් ගිලිහුනේය.

● මට මතක ඉතිහාසයේ වතාවන් 2ක්, රටේ ජනතාව රනිල්ට බලය දී ඇත. අවස්ථා 2දීම ප්‍රතිපත්ති රකින්නට ගොස් වරද්දා ගත් බව කිව හැක.
තවද මහින්ද රාජපක්ෂ කදවුර පාක්ෂිකයන්ට උපරිමයෙන් සලකන්න, රවටන්නට කටයුතු කරගෙන වහල් තත්වයක් ආරෝපණය කරන කැම්පේන් කරද්දී, රනිල් එයට පිටින් වැඩ කලේය. එය රනිල්ගේ හැටිය. ඒවා වෙනස් කරන්නට කිසිවෙකුට නොහැක.

● රනිල්ගේ බුද්ධිය ඉතාම ඉහලය. ඒක තේරෙන්නෙ රනිල් එක්ක කතා කරන විටය. මම දේවල් දන්නවා යයි හිතාගෙන රනිල් එක්ක කතා කල විට, රනිල් දන්නා දේ අභියස මා දන්නේ අල්පයක් බව බොහෝ අවස්ථා වල පැහැදිලි වී ඇත. ඉතිහාසය, දේශපාලනය, ආර්ථිකය හැසිරවීම, බුදු දහම යන කාරණා සම්බන්ධව රනිල් ඉතා හොදින් දන්නා කෙනෙකි.

● රාජපක්ෂවරු වාසියට ලේසියට කරන කැම්පේන් නැතිව නියම මගක යන්නට රනිල් එදත් අදත් හිතුවා වගේම වැඩ කලේය. රනිල්ට රාජපක්ෂවරුන්ගෙන්ද, රනිල්ගෙන් රාජපක්ෂවරුන්ටද නෑකම සේම උදව්ද ගරුත්වයද ලැබින. 

● මේ සියල්ල තුල අද ගැන හිතද්දි, රනිල් වැනි නායකයෙකු සමු ගැනීමට සිතීම විශේෂ අවස්ථාවකි. ලංකා ආර්ථිකය ඉතාම ඉහල අර්බුදයක තිබෙද්දි, ජන ජිවිතය ආර්ථිකය නිසා යටටම වැටි තිබෙද්දි රනිල්ගේ දැනුම සහ අත්දැකීම රටට ප්‍රයෝජනයට ගත හැකි නම් අගනේය. 

රනිල්ට පොඩි මිනිහා ගැන එතරම් තේරුමක් නැත. හැබැයි රනිල් පොඩි මිනිහාගේ කරට අත දමා, ඔහුගේ ධනය වක්‍ර බදු වලින් සූරාකන පන්නයේ නායකයෙක් නොවේය.

රට ඉල්ලන්නේ මාධ්‍ය සංදර්ශන කරන රාජපක්ෂ පන්නයේ නායකයෙක්ය. රනිල්ගෙන් පසුව එජාපයට සිතන්නට වෙන්නේ ඒගැන විය යුතුය.

සුභ ගමන් නායකතුමනි !  

රට හොද ගමනකට ගෙන යෑමට, ඔබගෙන් තවත් වටිනාකම් එකතු කරගන්නට තිබුනා නම්... 

#RW #UNP #ranilwickramesinghe #UnitedNationalParty

No comments:

Post a Comment