Tweets by @Tweetsbysuku myblog: _ කඩා දැමුණු රාජ සභාව සහ කුරුණෑගල 2වන පරාක්‍රමබාහු, 2 වන බුවනෙකබාහු, ගලේ බණ්ඩාර/ වත්හිමි කුමරු සහ 4 වන පරාක්‍රමබාහු රජු _

Facebook Fan Page

Sunday, August 9, 2020

_ කඩා දැමුණු රාජ සභාව සහ කුරුණෑගල 2වන පරාක්‍රමබාහු, 2 වන බුවනෙකබාහු, ගලේ බණ්ඩාර/ වත්හිමි කුමරු සහ 4 වන පරාක්‍රමබාහු රජු _



වසර 1000 ගණනකට වඩා පැවති අනුරාධපුර රාජධානියෙන් පොලොන්නරුවට ගිය, එතනින් දඹදෙණියටත්, ඉන්පසුව යාපහුවටත් ගිය අපේ වසර 2500 ලිඛිත ඉතිහාසයේ 5 වන රාජධානිය වන්නේ කුරුණෑගල රාජධානියයි. 

●  ඉතිහාසය පොඩ්ඩක් ගවේෂණය කරාම, කාලිංඝ මාඝ කියන දරුණු ආක්‍රමණිකයා ඒකියන්නේ පහුගිය කාලේ නැතිවෙච්ච ප්‍රභාකරන් වගේ ඒ හා සමාන ලක්ෂණ තිබ්බ චරිතය හරියටම පරාජය කරන්නේ 2 වෙනි පරාක්‍රමබාහු රජතුමයි. ඒක කරන්න, ඔහුට අවශ්‍ය පරිසරය ( දුටුගැමුණු රජුට, කාවන්තිස්ස පියරජු කලා වගේ), සැකසුවේ, ඔහුගේ පියා වෙච්ච 3 වන විජයබාහු රජතුමයි.  අවුරුදු 40කට වැඩි කාලයක් අපේ රාජධානි වල ඉදන්, වෙහෙර විහාර, අපේ උරුමයන් ( මේ උරුමයන් කිව්වාම මේකට සමස්ත ශ්‍රී ලාංකිකයන්ම අදාලයි) විනාශ කරපු කාලිංඝ මාඝව මරණයට පත් වෙනවා. ඒක හෙව්වාම දැනගන්නෙ මම හරි කැමති යුධ උපායක් වෙන “ ක්ෂණික - මාරාන්තික“ (Instant - Deadly) ප්‍රහාරයක් මාඝට එල්ල කරනවා. උතුර - දකුණ මාරු වෙන මාඝ පලා යන්නේ වැරදි පැත්තට. නැගෙනහිරට ඉතිරි අය එක්ක පලායන්න හැදුවත්, යන්නේ බටහිරට. බටහිර වෙරළ තීරයට රාජ්‍ය සබදතා නිසා පාණ්ඩයන් 2 වෙනි පරාක්‍රමබාහු රජතුමාට උදව්වට ඇවිත් හිටියා, එතකොට පාණ්ඩ්‍ය සහ සිංහල හමුදා කියන 2ටම මැදි වෙන අපේ රට වනසපු මාඝ ඇතුළු පිරිස සමූල ඝාතනයට ලක් වෙනවා ( අපි මිනිස්සු මරන්න අකමැති උනත්, කල යුතු දේ අවශ්‍ය වෙලාවට කරන්න වෙනව).
2 වෙනි පරාක්‍රමබාහු රජතුමා, “ කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත“ ගෞරව නාමය ලබපු කෙනෙක්. ‘ දඹදෙණි කතිකාවත‘ තුලින් භික්ෂූන්වහන්සේලා සහ බුදු දහම සුරැකීම ඇතුළු රට බොහෝ සෙයින් යථා තත්වයට පත්කිරීම් ඔහු කරල තියෙනව. ඒවගේම රත්නපුරයේ තියෙන සමන් මහා දේවාලයත් එතුමාගෙ කාලෙ හදපු පන්සලක්. අද දේවාලයක් කිව්වට ඒක රජෙක් හදපු ‘රජමහා විහාරයක්‘.

● අවු 34ක කාලයක් විශාල සේවාවක් කරපු, 2 වෙනි පරාක්‍රමබාහු රජතුමාගෙන් පස්සේ ඔහුගේ පුතුන් 5න් 2 වෙනියා වෙච්ච 4 වෙනි විජයබාහු රජ වෙනවා ( මේක ඡන්දයක් අනුව කරා කියලයි තියෙන්නෙ). ඔහුත් දඹදෙණියේ රාජධානිය කරගෙන, සෑහෙන සේවාවන් කරනවා. නමුත් අවු 2 යද්දි මිත්ත කියන සෙනවියා රජුව මරනවා. මිත්ත සෙනවියවත් පසුව රාජපාක්ෂික අය මරනව. රාජ්‍යත්වයට අයිතිය තියෙන 1 වෙනි බුවනෙකබාහු කුමාරයට යාපහුවට යනවා. දඹදෙණි රාජධානිය අවසන් වෙනවා. 

●  වසර 11ක් ( ක්‍රිව 1273 - 1284) දක්වා යාපහුව රජ කරන්නේ 1 වෙනි බුවනෙකබාහු රජතුමයි. ඊටපස්සෙ රජ වෙන්නේ මිත්ත සෙනවිය අතින් ඝාතනය වෙච්ච 4 වෙනි විජයබාහු රජතුමාගෙ පුතා. ඔහු රජ වෙන්නෙ 3 වෙනි පරාක්‍රමබාහු නමින්. විශේෂ දේවල් අතර, 1 වෙනි බුවනෙකබාහු රජුගේ කාලයේ අපේ දළදාවහන්සේත්, පාත්‍ර ධාතුවත් ඉන්දියාවට ගෙනිහිල්ල තිබ්බා. ඒවා නැවත වඩම්මවනවා. 
1 වෙනි බුවනෙකබාහු රජතුමාගේ පුතා ඒකාලේ ඉන්නවා 2 වෙනි බුවනෙකබාහු නමින්. ඔහු රාජ කුමන්ත්‍රණයන් කරනවා, 3 වෙනි පරාක්‍රමබාහු රජතුමා මරන්න. රජතුමා මේක දැනගත්තත්, 2වෙනි බුවනෙකබාහු කුමාරය අතින් ඝාතනය වෙනවා. 

● මේ කියන 2 වෙනි බුවනෙකබාහු කුමාරය තමයි කුරුණෑගල රාජධානියේ ආරම්භ කරන්නෙ. ඔහු ඒක බලකොටුවක් වගේ හදනවා. ඔහු සේවාවන් කරනවා, ඔහුගෙන් පසුව රජ වෙන්නෙ ඔහුගෙ පුතා වෙන 4 වෙනි පරාක්‍රමබාහු රජතුමා. ඔහු කලින්ට වඩා සෑහෙන සේවයක් කරපු බව ඉතිහාසයේ තියෙනවා. 550 ජාතක පොත්වහන්සේ රචනා වෙන්නෙ මේ රජතුමාගෙ අදහසට අනුව.

●● මේ කතාවේ, කුරුණෑගල රාජ සභාව නිර්මාණය වෙන්නේ යාපහුවත් පාලනය කරලා, ඊටපස්සේ කුරුණෑගල රාජධානිය හදන 2 වෙනි බුවනෙකබාහු රජතුමාගෙනුයි. මේ ස්ථානය පුරාවිද්‍යා ස්මාරකයක් විදියට එදා ඉදලම පිලිගැනිලා වගේම ආරක්ෂා වෙලත් තියෙනවා. යටත් විජිත පාලකයින් ගරු කටයුතු තැන් තමන්ගේ රාජකාරි වලට ගනිද්දි මෙම රාජ සභාවත් තරමක ප්‍රතිසංස්කරණයක් කරලා භාවිතයට අරගෙන තියෙනව. 


● වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ, 2 වෙනි බුවනෙකබාහු රජුට බිසෝවරු ගොඩක් හිටියාය, ඒ අතරින් 1ක් මුස්ලිම් බිසවක්ය කියලා කරපු හානිය වෙනතකට යවන්න උත්සාහ කලා. 
ඔව් ඒ කාලෙත්, ඉතිහාසයෙ එක එක වෙලාවලටත් රජවරුන්ට අන්තංපුර තිබිලා තියෙනව. ඒ අන්තංපුර වල විවිධ ජන වර්ග වල බිසෝවරු ඉදල තියෙනවා.

මම හොයපුව අනුව, 2 වෙනි බුවනෙකබාහු රජතුමා යොවුන් කාලයෙදිම මුණගැහෙන මුස්ලිම් යුවතියකට ආදරය කරලා, පසුව ඇයව බිසවක් කරගන්නවා. ඒවගේම ඇයට ගොඩාක් රජතුමා ආදරය කරලත් තියෙනවා. ඒ කාලෙත්, එක එක වර්ගීකරණ තිබිල තියෙනවා. එතනදි මේ බිසවට ලැබිල තියෙන්නෙ තරමකට අඩු තත්වයක් කියල හොයාගෙන යද්දි තියෙනව. කොහොම හරි රජතුමාගේ ආදරේ නම් අඩුවක් වෙලා නෑ. ඇය, “ මැද්දෙකැටිය කුමාරි“ නමින් හදුන්වලා තියෙනවා. ඒවගේම රජුට දාව ඇයගෙන් උපන් කුමාරය මොහමඩ් ස්මයිල් නමින් අදුන්වල තියෙනවා. “වත්හිමි කුමාරය“ කියන්නෙ ඔහුටයි.

● රජතුමා කොයිතරම ආදරේද කිව්වොත්, තමන්ගෙන් පස්සේ රජකම දෙන්නේ මේ වත්හිමි කුමාරයටයි. ඕක අස්සෙ කතා ගොඩක් තියෙනවා. ඒත් ඉතිහාස පොත් ගොඩක් මේ කතාව හංගනවා. 1302 මරණයට පත්වෙන 2 වෙනි බුවනෙකබාහු රජුගෙන් පස්සේ රජ වෙන්නේ මේ කියන මුස්ලිම් අම්ම කෙනෙක් හිටිය “ වත්හිමි කුමාරය“. ඉතින් මේ වත්හිමි කුමාරය ගැන හොයාගෙන යද්දි, ඔහු ගොඩක් ධනයට ආශා කල කෙනෙක් නිසා ජනතාවගේ අප්‍රසාදයට ලක් වෙච්ච බව කියැවෙනවා. ඔය කාරණාවත්, නියම රාජ්‍යත්වයට එන පරිදි අග බිසවගේ දරුවා නොවීමත් යන කාරණා නිසා ඔහුව ඝාතනය කෙරෙනවා. ඒක හදිසි අනතුරක් කියල කිව්වත්,

ඒ කතාවේ හැටියට,
කුරුණෑගල වැවෙන් රන් සෙම්බුවක් මතු වෙන බවත් ඒක බහිරවයෙන් මුදවන්න මහා පිරිතක් කල යුතු බවත් කියල කුරුණෑගල ගල මුදුනේ පිරිත් මණ්ඩපයක් කරවලා, හාමුදුරුවරු වඩම්මවලා පිරිත් කියවල තියෙනව. ඒ අතර, උපක්‍රමයකින් කුමාරයගෙ අසුන කුරුණෑගල ගලෙන් බිමට වට්ටවල ඝාතනය කරල තියෙනවා. මේක කරා කියල කියන්නෙ එවකට හිටිය සෙනෙවිවරු, ප්‍රභූවරු කියලයි කියන්නෙ.
● කොහොම හරි මෙහෙම ඝාතනය වෙච්ච වත්හිමි කුමාරයගෙ මළ සිරුර අරගෙන මුස්ලිම් ඥාතින් ගෙනිච්චලු. වෙනම තැනක සොහොනක් කරාලු. අදටත් මේ කුමාරය මරණයෙන් පස්සේ දේවත්වයට පත් වෙච්ච බව විශ්වාස කෙරෙන දේවාල 2ක් කුරුණෑගල තියෙනවා. ගොඩක් අය විශ්වාස කරන, ගලේ බණ්ඩාර දෙවියන්/ වත්හිමි බණ්ඩාර දෙවියන්  කියන්නේ මේ දෙවියන් බව විශ්වාස කෙරෙනවා. දේවාල 2න් 1ක් සිංහල අය කරගෙන යන අතර, අනික මුස්ලිම් අය කරගෙන යනවා. 

● මේ දේවාල වලින් මුස්ලිම් අය කරගෙන යන දේවාලයේ, තියෙන්නෙ මුස්ලිම් ආගමක කටයුතු වලට වඩා, බෞද්ධ සහ සිංහල සංස්කෘතියට අදාල ඒව බව මම දන්නවා. ඒ ඇරුනම, කැළණි විශ්ව විද්‍යාලයේ ඉතිහාස අංශයේ ප්‍රධානි ගල්කන්දේ ධම්මරතන හාමුදුරුවෝ, ඉතිහාසය හදාරන සිසුන් එක්ක ඔය දේවාලය සම්බන්ධව සොයා බැලූ බවටත් වතාවක් කිව්වා. එතනදි අනවශ්‍ය ගැටුම් ඇති නොවෙන්න උන්වහන්සේ ඒ ගැන විස්තර කලා. මම ඉතින් ඔය ඔක්කෝම එක්ක මගෙ සොයා බැලීම් එක්කයි කලේ.

● ඝාතනයට ලක් වෙච්ච වත්හිමි කුමාරය, අවසන් චුති චිත්තය අනුව නරක තැනකට ගිය බවත්, පලි ගත් බවත්, පසුව සිල්වන්ත ස්වාමින්වහන්සේලා විසින් ආශිර්වාද කර, කතරගම දෙවියන් මූලික වී දේවත්වයට පත් වන්නට උදව් ලද බවත් කියවෙනවා. ඒවගේම ගලේ බණ්ඩාර දේවාලය අදටත් මූලිකව භාරව ඉන්නෙ සිද්ධ සූනියම් දෙවියන්. සිද්ධ සුනියම් දෙවියන් ඉන්නේ, කතරගම දෙවියන්ගේ සේනාවේය. ගලේ බණ්ඩාර දෙවියන් සිද්ධ සූනියම් දෙවියන්ගේ සේනාවේ සිටි. 

- ඉතින් ඕක තමයි මහ විස්තරය... 

#කුරුණෑගල #කුරුණෑගලරාජසභාව 

No comments:

Post a Comment