Tweets by @Tweetsbysuku myblog: Ex love

Facebook Fan Page

Friday, July 10, 2020

Ex love

ලගදි දවසක මට එයාව මුණගැහුනා.
මට ආදර කතා ගණනාවක් තිබුනත්, කවදාවත් ආදරය නැවැතුනාට පස්සේ ආයෙ මුණගැහිල තිබුනෙ නෑ.. එක දවසක් මුණගැහිලා, ආයෙ දවස් කීපයකට පස්සෙ එයාව ආයෙත් මුණගැහුනා..
- එයා මා එක්ක කතා කලේ නෑ. අනිත් අයට කියනව ඇහුනා, බදින කතාවක්.. හැමෝටම ආරාධනා කරනවත් කිව්වා. ඒ කියද්දි මං දිහා බලනවත් මම දැක්කා. මට කියාගන්න බැරි විදියෙ වේදනාවක් දැනුනත්, එයයි මායි ආදරේ කල බව එතන හිටිය අයගෙන් 1-2යි දන්නෙ.
එයාට ඒක අතීතයට ගිය සිද්ධියක් ... දැන් එයා වෙන කෙනෙක් එක්ක සතුටින් නිසා..

වේදනාව, දුක ඇරුනාම මම හොදින් හිටිය. ඒ ගියපු තැන සහ මුණගැහුනු පිරිස අතර මාත් තරමක චරිතයක් නිසා වෙන අවුලක් උනේ නෑ.
එකම දේ නිතර නිතර, දවස් 2-3ම එයාව දකිනවා. එයාගෙ කටහඩ ඇහෙනවා. එයාගෙ රූපෙ පේනවා..

“ මට හරි ආසාවක් ආවා එයාගෙ අත අල්ලන්න, ඇත්තටම ඒක ආසාවකට වඩා උවමනාවක් වගේ දැනුනා.. අත අල්ලගෙන ටිකක් වෙලා ඉන්න.. ඒ වේදනාව කොයිතරම තිබුනද කිව්වොත්, මට අද උදෙත් එයාව හීනෙන් පෙනුන..“
ඒ සුදු අත අල්ලල, ටිකක් වෙලා හරි එයා ලග ඉන්න තිබුන නම් කියල තාම හිතෙනව..
කාටවත් නොදැනෙන්න, මම පින්තූර ගානක් එයාගෙ ගත්ත... එයා කලින්ටත් වඩා ලස්සනයි..
ජිවිතේ - සංසාරේ කොයිතරම පුදුමාකාරද වගේම, අසරණ කරනවද කියල දැනෙන්නෙ තේරෙන්නෙ මේ වගේ දේවල් නිසයි. ආදරේ උනත් කියාගන්න බෑ. කියාගන්න බෑ නෙමෙයි ඒක හිතන්නවත් බෑ. ජිවිතේ හරි කටුකද කියලත් නොහිතුනාම නෙමෙයි..

එයා මෑත සංසාරේ, මනුස්ස ආත්ම භව ලබපු අවස්ථා වලින් වැඩි ගානක මගෙ ආදරවන්තිය/ බිරිද...
ඒත් මේ සංසාරේ ආයෙ අපි, අපිව මුණගැහෙන්නෙ නෑ.. මට ඒක එයාට කියාගන්න ඕන වෙලා හිටියෙ. අනිත් අය එක්ක එයා ලග ඉදන් කතා කරද්දි මම අනිත් අයට වගේ කිව්වා. මම ඉස්සර කාලෙ මෙහෙම ආදරයක් කලා කියල ඒකෙ විස්තර කියල, අන්තිමට කිව්වා, එයයි මායි සංසාරේ මුණගැහෙන අන්තිම ජිවිතේ මේක කියල.. මම දැක්කා එයා මං දිහා බලනව...

ඉතින් එච්චරයි....
#ආදරය #අහිමිපෙම #tshjuly2020

No comments:

Post a Comment