Tweets by @Tweetsbysuku myblog: ඉතිහාසය හරියට ඉගෙනීම වැදගත් නිසා කසින්ගෙන් ප්‍රශ්න වගයක් ඇහුවා..

Facebook Fan Page

Sunday, March 22, 2020

ඉතිහාසය හරියට ඉගෙනීම වැදගත් නිසා කසින්ගෙන් ප්‍රශ්න වගයක් ඇහුවා..

අපිට ඇත්තටම ඉතිහාසය කියල වෙනම විෂයක් තිබ්බෙ නෑ. උස්ස පෙලට තිබුනට සාමාන්‍ය පෙල කාලෙ තිබ්බෙ නෑ. සමාජ අධ්‍යයනය ඇතුලෙ තමයි ඉතිහාසය හැංගිලා තිබ්බෙ.

මට මතකයි වතාවක්, දොන් ජුවන් ධර්මපාල කුමාරය ගැන කියනකොට, අපේ සමාජ අධ්‍යයනය ගුරුවරයා කිව්වා, 7 බුවනෙකබාහු රජතුමාගෙ කවුරුහරි නෑයෙක් වෙන්න ඇති කියල කිව්වා මට අදටත් මතකයි.

ඉතිහාසය මතක් කලොත්,

7 වෙනි බුවනෙකබාහු කියල රජ වෙන්නෙ, 6 වෙනි විජයබාහු රජතුමාගේ වැඩිමහල් පුතා. මායාදුන්නේ සහ රයිගම් බණ්ඩාර කියන්නෙ අනිත් පුතුන්. තව දේවියකට හිටිය දේවරාජ කියන කුමාරයට රජකම දෙන්න හදපු නිසා, පැනල යන 3ම කන්ද උඩරට ජයවීර රජුගේ හමුදාව අරගෙන ඇවිල්ලා තාත්තව පරදනවා.
ඒක “ විජයබා කොල්ලය “ කියල ඉතිහාසයේ ප්‍රසිද්ධයි..
ඉතින් ඊටපස්සෙ කෝට්ටේ රාජධානිය ප්‍රධාන රාජධානිය වෙලා 7 වෙනි බුවනෙකබාහු රජතුමත්, සීතාවක රාජධානිය මායාදුන්නේ රජතුමත්, රයිගම රාජධානිය රයිගම් බණ්ඩාර රජතුමත් බෙදාගන්නවා. රයිගම් බණ්ඩාර මැරුණම මායාදුන්නේ ඒකත් තමන්ගෙ රාජධානියට ඈදා ගන්නවා.

කොහොම හරි, මේ බුවනෙකබාහු රජතුමාට හිටියා දුවෙක්. නම සමුද්‍ර දේවිය. ඇය ඒ කාලයේ හිටිය ලස්සනම කාන්තාව විදියට පෘතුගිසි ඉතිහාසඥයින් පවා ලියල තියෙනවා. ඉතින් මේ කුමාරිකාව, සරණ පාවා ගත්තෙ එවකට නෙමෙයි ඉතිහාසෙටම හිටිය හොදම රණශූරය කියල කියන, “ වීදිය බණ්ඩාර“ .
ඒ දෙන්නගෙ දරුව තමයි “ දොන් ජුවන් ධර්මපාල “

හිතුවට වඩා මගේ කසින්ගේ දැනුම හොද මට්ටමක තිබුනා. ඒ ගැන සතුටුයි... 

No comments:

Post a Comment