Tweets by @Tweetsbysuku myblog: ශ්‍රීපාද ගමනෙන්..

Facebook Fan Page

Saturday, December 28, 2019

ශ්‍රීපාද ගමනෙන්..


සතියකට කලින් දෙසැ 20 වෙනිදා එරත්න පාරෙන් උදේ 7.15ට විතර පිටත් වුනු අපි ශ්‍රී පාද උඩමළුවට ආවේ 21 වෙනිදා උදේ 7.30ට විතරය.
නොහිතපු විදියට වැස්ස( කලින් දිනවල නොතිබුනු), නිසා ගමනට සෑහෙන බාධා ආව. එරත්න පාරේ පඩි පෙලවල් නැ. යන්න තියෙන්නෙ බොහෝ අවස්ථා වල ගල් උඩින්. ඒවගේම දිය පිරුණු, ඇල දොල වගේ ඒවත් සෑහෙන්න තිබුනා ඒවා උඩින් තමයි යන්න උනේ. දිගටම වැස්සත්, හීතලත් නිසා තරමක අපහසුතා ඇති උනා. මඩ වෙලා යන්න උනා ඒවගේ ගැටළු තිබුනා. ඒනිසා ගමන හෙමින් උනේ.
කොහොම උනත් ඒ පාරෙ නම් කුණු නොතිබුනු තරම්. අතරමගදි මුණගැහුනු නඩයත් බොහෝම හොද - උදව් කරපු සහ කරන්න සූදානම් අය උනා. සීත ගගුලෙන් එගොඩ වෙන්න උනේ දණිසට වඩා උඩින් වතුර යද්දි දෙපැත්තනේ අල්ලගෙන. එතනදි ඉවසීමත් අනිත් අයගේ උදව්ත් නිසා කරදරයක් උනේ නෑ. නමුත් තරමක අවදානමක් තිබුනා. අර කියපු නඩය අපිට මගහැරුනා සීත ගගුලෙන් පස්සෙදි.

ඊටපස්සෙ එකදිගටම තනියම යෑමක් තිබුනෙ. උවමනා උනත් කිසිම සිග්නල් එකක්වත් නැතිව එක දිගට යන්න උනා.
මහගිරිදඹට කලින් රෑ 10ට විතර විවේකයක් අරගෙන උදේ 5න් පස්සෙ තමයි ආයෙ ගමන ආරම්භ කලේ.
කොහොම හරි වැඳලා, ඝාණ්ඨාරය හඬවලා 9ට විතර පටන්ගෙන හවස් වෙද්දි පහලට බැහැ ගත්තා.

No comments:

Post a Comment