Tweets by @Tweetsbysuku myblog

Facebook Fan Page

Thursday, September 12, 2019


වල්පොල රාහුල පදනමේදී අද Galkande Dhammananda හිමියන් මුණගැහුනා. උන්වහන්සේ කැළණිය විශ්ව විද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානීද වනවා.

● උන්වහන්සේ සමග රටට වැදගත් සහ තත්වයන් ගැන බොහෝ කරුණු කාරණා සාකච්ඡා කරන්නට හැකියාව ලැබුනා. විශේෂයෙන් භික්ෂුන්වහන්සේගේ කාර්යභාරය ගැන මට අවබෝධයක් ලැබුනා. ඒවගේම භික්ෂූන්වහන්සේ කෙනෙක් කියන්නෙ ඉතාම දැන උගත්, බුද්ධිමත් කෙනෙක් වීමේ වැදගත්කමත් රටටත් අදාලව තේරුම් ගියා..

- රට තුල දේශපාලන අරමුණු මූලික කරගනිමින් පවතින ජාතිවාදයත් ඒ හා බැදුනු කාරණා ගැනත් මම හිතේ තියාගෙන ඇහුවත්, උන්වහන්සේ ඒවාට පිලිතුරු දුන්නේ ඒ අර්ථයන්ගෙන් නෙමෙයි. අපේ හිතේ තියෙන දේශපාලනමය අදහස් වලට විරුද්ධව හෝ පක්ෂව උන්වහන්සේ අදහස් දැක්වූයේ නෑ. භික්ෂූන්වහන්සේ නමකගේ ඉතාම වැදගත් දෙයක් විදියට මම ඒක හිතනවා.

- විශේෂයෙන් ජානමය පදනමත්, ජාතිකවාදයන්, ජාතිවාදයන් කියන කාරණා ගැනත් බොහෝම නිදහස්ව වගේම සහනශීලිව උන්වහන්සේ අදහස් පල කලා. ඒවගේම වැදගත් දෙයක් විදියට, අපේ උතුරේ සහ ලංකාවේ දෙමල බොහෝම අය, ඉන්දියාවේ දෙමල අයට වඩා සිංහල අයට ජාන විද්‍යාත්මකව ලං වී ඇති බවත්, ලංකාවේ සිංහල අය, උතුරු ඉන්දියාවට නොව දකුණු ඉන්දියාවට වැඩි සබදතාවයක් ඇති බවත් විශ්ව විද්‍යාලයක කල පරීක්ෂණයක ප්‍රතිඵල විදියට නිකුත්ව ඇති බවත් උන්වහන්සේ වදාලා.

● රට ජාතිය වෙනුවෙන්, විශේෂයෙන් හොද රටක් අපේ රටේ ඉන්න හැමෝටම ඇති කරන්නට, භික්ෂූන්වහන්සේගේ ඉතිහාසගත කාර්ය විය යුත්තේ දේශපාලන අතකොලු නොවී බුදුන්වහන්සේ වදාල ගමනේ යමින් කියල මට ආයෙත් තේරුනා - හිතුනා... හ්ම්...

තවද, නිදහස් අධ්‍යාපනය ලංකාවට ලබාදීමේදී කන්නන්ගර මහතා විසින් කරනු ලැබූ යෝජනාව වසර 3ක් දක්වා සභාවේ කතා නොවුනු බවත්, එවකට විද්‍යාලංකාර පිරිවෙන මූලිකව රට පුරා ඒ වෙනුවෙන් ජන මතයක් ඇති කල බවත් ඒ අනුව වැදගත් වන්නේ ඒ අනුව සිතීම සහ කටයුතු කිරීම බවත් පැහැදිලි උනා..

#tshsep2019

No comments:

Post a Comment