Tweets by @Tweetsbysuku myblog

Facebook Fan Page

Monday, April 30, 2018

නුඹ නම් නියමයි  සොඳුරිය...
ඔය තරම හිත තදට ඉන්න පුලුවන් නුඹටම විතරයි...
කිව්ව නේද, දවසක දරුවොත් ඉන්න කාලෙක මම දාලා යාවි කියල..
නෑ... දරුවොත් ඉන්න කාලෙක නුඹ දාලා යාවි, දරුවොත් මා එක්කම...
සමහරවිට නුඹට ඕන ඒව මගේ නැතිව ඇති.. මට තියෙන්නෙ ආදරයම විතරක් නිසා..
නුඹට නිදහස් මදිව ඇති... ඒ නිදහස අද හොඳට විඳින්නත් ඇති කියල හිතනව...
කාරි නෑ... ඒක නුඹේ තීරණය.... මගේ තීරණ, මගේ වචන නුඹට මතක නැති බවත්,
සමහරවිට ඇහුනේවත් නැති බවත් මම දන්නවා...
නමුත් නුඹ කියපු හැම අකුරක්ම, ඉස්පිල්ලක්, පාපිල්ලක්ම මට හොඳට මතකයි...
ඒ මම නුඹට ආදරේ නිසයි..
නුඹට මම එක්කෙනක් විතරක් උනාට, මට නුඹව මුළු ලෝකෙම උනා....
ඒත් ඒක සිතිවිල්ලක විතරක් තියෙන දෙයක් වෙච්ච එක අඩුපාඩුවක් තමයි...
හැමදාම කරනව කියල පොරොන්දු දුන්නු දේවලුත් නුඹ නොකරම අද හිටියෙ,
මං නැතිව විඳින නිදහසේදි ඒව කරත් අහුවෙලා වගේ නුඹට හිතෙනව නිසා වෙන්නැති..
කමක් නෑ.. ඒක නුඹේ සතුට... නුඹේ කැමත්ත... පුලුවන් විදියකට මාත් ඉන්නම්..

No comments:

Post a Comment