Tweets by @Tweetsbysuku myblog: මහ රහතුන් වැඩි මඟ ඔස්සේ - සියදිවි නසා ගැනීමෙන් වන විපාක ඇහුවට පස්සෙ, මට තියෙන තේරුම්කම අනුව,

Facebook Fan Page

Monday, October 2, 2017

මහ රහතුන් වැඩි මඟ ඔස්සේ - සියදිවි නසා ගැනීමෙන් වන විපාක ඇහුවට පස්සෙ, මට තියෙන තේරුම්කම අනුව,



සරල නොවෙන නිසා සමහර අය බොහෝම බයකට පත් උනත්, කර්ම ශක්තිය, කර්ම විපාක සරල නැහැ. බොහෝම සාධාරණයි.

කර්ම විපාක සාධාරණ නෑ කියල බොහෝවිට හිතෙන්නෙ, අපි දන්න හොඳ, අපි කැමති කෙනෙක්ට කරදරයක් උනාමයි. නමුත් අතීත ජීවිතයකදි බොහෝවිට ඒකට අදාල වෙන අකුසලය ඒ අය කරලා ඇති.
ඒවගේම කර්ම විපාක සාධාරණ නෑ කියල හිතෙනවා, වැරදි විදියට බලය පාවිච්චි කරලා අසාධාරණ කරල තවමත් වැජඹෙන දේශපාලකයෝ වගේ මිනිස්සු ගැන හිතද්දි. ගොඩක් අය කලකිරෙනවා. නමුත් ඇත්තම දේ තමයි එයාල අතීත ජිවිතයකදි හොඳ කුසල කර්ම කරලා තියෙනවා, තාම ඒ කුසල ශක්තිය තියෙනවා. හැබැයි දැන් කරන වැරදි වලටත් එයාලට මේ ජිවිතයෙදි තරමකුත්, ඊලග ඒවයෙදිත් අනිවාර්ය ලැබෙනවා.

සියදිවි නසා ගැනීම ඇලීම් ගැටීම් වලින් බර වෙලා කරගන්න දෙයක්. කළ්‍යාණ මිත්‍ර ආශ්‍රයක් තියෙනව නම් ඒ කරදරයට පත් නොවෙන්න ඉඩ තියෙනවා. එහෙම කරගන්නවාමයි කියල හිටිය කීපදෙනෙක්ව ඒකෙන් මුදවගන්න කුසලය කරගන්න පුලුවන් වෙච්ච බවත් මතක් වෙනව ඒ කුසලය ගැන සැනසීමකුත් එක්කම..

සියදිවි නසාගැනීමේදී, තමන්ට මැරෙන්න උවමනා වෙලා කරගත්තට, අන්තිම මොහොතේ ඒ සිතිවිලි වෙනස් වෙලා ජිවත් වෙන්න දඟලන බව අපි මනෝ විද්‍යාව - සමාජ විද්‍යාව කරද්දි ඉගෙන ගෙන තියෙනවා. ඒක විද්‍යාත්මකව. බෙල්ලෙ වැල දාගන්න කෙනෙක් අන්තිම  මොහොතේ ඒකෙන් බේරෙන්න දඟලලායි මැරෙන්න. ඒක සියදිවි නසාගැනීමක්ද කියල හරියටම දැනගන්නත් පුලුවනි, කකුල විළුඹ හරියෙන් පනිනවා ඒ මරණාසන්නව ඇතිවෙන ජිවත් වීමේ උවමනාවට කරන දැඟලීම නිසා. මරල එල්ලල නම් නෙමෙයි.

ස්වාමින්වහන්සේගේ විග්‍රහය අනුවත්, ඒ ගැන කියවෙනවා, ධර්මානුකූලව අන්තිම මොහොතේ හිතෙනවලු ජිවත් වෙන්න ආශාව, ඒ ආශාව ඇවිල්ලා කොච්චර උත්සහ කලත් කරගන්න බැරි වෙන නිසා තමන් ගැනම ද්වේෂයකින් තමයි අන්තිමට ජිවිතේ නැති වෙන්නේ. ඒක බරපතලම අකුසල කර්මයක්..
ඒවගේම කවදාවත් සුගතියකට එන්න ඉඩ නැහැ වගේ කියවෙනවා සියදිවි නසාගැනීමකට, මම එතනටම යන්නෙ නැතිව, අප්‍රමාණ කාලයක් ගොඩඒමක් නැති බව නම් කියන්න පුලුවනි. ඒකියන්නේ කල්ප ගණන්, අවුරුදු වලින් නිකමට හිතුවත් අවුරුදු ලක්ෂ ගණනකට වැඩි වෙන්න පුලුවනි.

ජිවිතේ ගත කරද්දි හැමෝටම වගේ ප්‍රශ්න තියෙනවා. ඒකට කිසි භේදයක් නෑ. ජිවිතේ එපා වෙන තරමට ප්‍රශ්න තියෙනවා. හැබැයි සියදිවි නසා ගැනීමෙන් වෙන්නේ මේ ජිවිතයේ ප්‍රශ්නයක් නිසා, තව අවුරුදු ගානක් විඳවන්න වෙන දෙයක් නිසා, කියාගන්න බැරි තරම කාලයක් විඳවන්න, අකුසලය විඳින්න සිද්ධ වෙන එකයි.

- සියදිවි නසාගන්න හිතෙනව කියන්නෙත්, පෙර සංසාරයේ ප්‍රාණඝාතය කරල තියෙන නිසයි. ඒ සිතිවිල්ල සකස් උනාම තේරුම් ගන්න ඕන, මේ අකුසලයක් ඵල දෙන්න යන්නේ කියල. කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය තුලින් නැති කරගන්න කටයුතු කරන්න ඕන. එහෙම හිතුනොත් නිතරම තමාට වඩා ඉහල මට්ටමේ කෙනෙක් එක්ක සාකච්ඡා කල යුතුයි.

https://www.facebook.com/maharahathunwedimaga/videos/1403763119716167/

#septsh2017 #maharahathunwadimagaosse #මහරහතුන්වැඩිමගඔස්සේ #ධර්මය

No comments:

Post a Comment