Tweets by @Tweetsbysuku myblog: WijedasaRajapaksha මහත්තයව අපිට කාලෙක වීරයෙක් වගෙත් පෙනුනා..

Facebook Fan Page

Friday, August 25, 2017

WijedasaRajapaksha මහත්තයව අපිට කාලෙක වීරයෙක් වගෙත් පෙනුනා..

මහ බලයක් තිබ්බ මහින්ද මහත්තයගෙ කැබිනට් එකෙන් අයින් වෙලා ආපු වීරයෙක් විදියට..

හැබැයි ඒ ඇමතිකම නාමික එකක් වීමත්, බලතල ඇති එකක් බලාපොරොත්තු වීමත් - ඒ එක්ක අරලියගහ මන්දිරයට ගිහින් කිව්වාම වෙච්ච දේවල් එක්ක එජාප නායකය ගාවට ඒමත්, ඇවන්ගාඩ් සම්බන්ධව බොහොම කැපවීමෙන් කටයුතු කල කෙනෙක් නිසාත් තරමක කලකිරිමක් තිබ්බා..ඇවන්ගාඩ් එක්ක ගෝඨාභය රාජපක්ෂ මහත්තය එක්ක තිබ්බ සම්බන්ධතාවය දිගටම තියාගත්ත.. - පහුගිය අවු 2කට වැඩි කාලයක් රෑට රෑට ඒ පවුල් වල අයට නීති උපදේශ දුන්නු බවත් අපිට ආරංචියි..

පස්සෙ එතුමගෙ මහරගම ආසනයේ කටයුතු ගැන හෙව්වා. ගොඩක් කැපවෙලා වැඩ කරපු අයට වැඩක් කලාද මංදා.. ප්‍රාඥයා කියන බෝඩ් දැකල තියෙනව..

කොතලාවල නීති පීඨයේ දරුවන්ට තව අවුරුදු 2ක් වැඩිපුර ඉගෙන ගන්න කියල දේවල් ගෙනැල්ලා එතන අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කලා.. (විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙනුත් ඉහලම සම්මාන අරගෙන තිබුන ඒ වෙලාවෙ)
ඒකට සාමකාමිව කරපු විරෝධතාවයට මාත් ගියා.. Yasiruට මතක ඇති.

කොතලාවල විද්‍යා පීඨය අයිති වෙලා තිබ්බෙ රුවන් විජේවර්ධන ඇමතිතුමාට.. ඇමතිතුමාට කතා කරා, එතුමා උත්සහ කලා නමුත්, අසාධාරණයට සාධාරණයක් කරන්න බැරි උනා..
හොයාගෙන යනකොට තේරුනා මේකට ඍජු බලපෑමක් විජේදාස ඇමතිතුමාගෙන් තිබ්බ බව.. “මගෙ ළමයි අවු 2ක් කරනව නම් අනිත් අයට බැරි මොකද කියල “..
ඒවගේම මේකට මූලික හේතුව අවශ්‍ය සුදුසුකම් අඩුව කොතලාව විද්‍යා පීඨයට උගන්නන්න ගිහින් එතනින් බෑ කියපු එකේ කැරකුනු ඉරිසියාවකුත් තිබිල..

ලංකාවෙ දේශපාලකයොත්, ඒ අයට බලය දුන්නු ජනතාවත්, බලය දීලා හරි නොදීලා හරි රට වෙනුවෙන් කල යුතු දේවල් සෑහෙන්න තියෙනවා.. ඒවගේම විපාක ලබන්නත් සෑහෙන්න තියෙනව..
හැමදාම ඇමතිකම් නැතිව ඉදීද නැද්ද නොදන්නව උනාට, වෙනද සාපේක්ෂව වෙනස්කම් වෙන බව නම් පැහැදිලියි..

#wijedasarajapaksa #srilanka #augtsh2017 #lk #slpolitics

No comments:

Post a Comment