Tweets by @Tweetsbysuku myblog: Pray & His or Her Will/ Wish(Not someone watching over us) යාඥාව සහ ප්‍රාර්ථනය/ අධිෂ්ඨානය.

Facebook Fan Page

Friday, December 30, 2016

Pray & His or Her Will/ Wish(Not someone watching over us) යාඥාව සහ ප්‍රාර්ථනය/ අධිෂ්ඨානය.

I know we as Buddhists we have Will/wish not prayers..
I have to explain this to some cousins cause they don't know the difference between prayer and will..
Usually we are not expecting something from some other person or thing outside of us. If we expect, it's called Prayer..
Buddhists stanzas are to memorize the good and true or the merit we gained by a good activity or a feeling. And we just make our ultimate goal or the objective more powerful by memorizing those stanzas and it is to offer our honor to the ultimate teacher and his supremacy lord Buddha.
Finally, purifying the mind is the teaching of Lord Buddha ...

බෞද්ධ අපිට යාඥාව නැහැ. අපි කරන්නෙ ප්‍රාර්ථනයක්. හරියටම කිව්වොත් අධිෂ්ඨානයක්. පිටරට ඉපදිලා කාලයක්ම එහේ ඉදලා මෙහේ ආපු කසින්ලා වගයක් ඉන්නවා මට මේක හරියටම තෙරුම් කරගන්නෙ කොහොමද කියල මම කල්පනා කලේ. එයාල හිතන්නෙ ප්‍රේ කරනව කියල ගාථා කියල.. එහෙම කරන බෞද්ධයොත් ඉන්නව ඉතින්..
හැමදාම වගේ දේවල් කියල දෙන, කළ්‍යාණ මිත්‍ර අපේ Dinush අයියගෙන් අහගත්ත..
අයියට බොහොම පින්... නිවන් පිණිසම අපිට මේ කුසලය හේතු වාසනා වේවා !

ප්‍රාර්ථනාව කියන සිංහල වචනේ අදහස බලාපොරොත්තු වීමක්. Will කියන එක ගැලපෙනවා, අධිෂ්ඨානයත් ඒ සමානයි. අනුසස් දැනගැනීම මූලිකයි ධර්මයේ, යම් බලාපොරොත්තුවක් කරා යාමට දැඩි අධිෂ්ඨානයක් කිරීමක්. කාගෙන්වත් නෙවෙයි. තමන්ගේම හැකියාවෙන්..

විෂ් කියන එක බලාපොරොත්තු වෙනවා කියන අර්ථයෙන් එනකොට හරි hope කිව්වත් එහෙමයි. නමුත් ගාථා කියන්නෙ ඒ අර්ථ එකකින්වත් නෙවෙයි.
බුදුරජාණන් වහන්සේගේ ගුණ සුවඳට උපහාරයක් ලෙස පැහැයෙන් සුවඳින් යුතු මල් පූජා කරනවා. මල් කියන්නෙ පවිත්‍ර බවේ සංකේතයක්. මිනිස්සු උසස් යැයි ගන්න අලංකාරවත් දෙයක්. මල් පූජාව බුදුන් වහන්සේට කරන්නේ ඒ වෙනුවෙනුත්, එතකොට මල මිලාන වෙනවා ඒකියන්නෙ ලෝක ස්වභාවය මෙනෙහි කරනව කියල..
පහන් පූජාවත් එහෙමයි. තුන්ලෝකයටම පහනක් වුන සම්මා සම්බුදු රජාණන් වහන්සේට උපහාරයක් ලෙස සිදු කරන්නේ ඒ පූජා කරන ගාථා බුදු ගුණ ගාථාවෙදි බුදුගුණ නවයකට කැටි කරල මෙනෙහි කරනවා. ප්‍රාර්ථනාවක් නෑ.
සඟ ගුණ දම් ගුණත් එහෙමයි. අනිත් ගාථා එකින් එක අරන් බලන්න
අපි පින් අනුමෝදන් කරනවා, මළගිය අයට සහ දෙවියන්ට.

ඒ කිව්වෙ අපි මේ කරපු පින්කම දැකලා සතුටු වෙලා එයාලත් කුසල් සිත් උපදවා ගන්න කියලා ආරාධනා කිරීමක්. එතනදි අපි බලාපොරොත්තු වෙනවා එයාලත් අපි කරපු පින්කමෙන් කුසල් සිත් උත්පාදනය කරගෙන සැපයට පැමිණෙයි කියලා.
ඒකත් කාගෙන්වත් අපිට ලැබෙන්න ඉල්ලන දෙයක් නෙවෙයි.
හරියට මම යමක් කාටහරි කියනවා මම මේක ඔයාව සිහිකරලා දුන්නෙ කියලා..
මම නිකම්ම දෙනවා දකිනකොටත් ඔයාට කුසල් සිතක් ඇතිවෙනවා හිතේ පැහැදීම එක්ක
නමුත් ඔයාට මම කිව්වම ඒක දුන්නෙ ඔයා වෙනුවෙන් කියලා සිත තවත් පැහැදෙනවා...

බුදුන්වහන්සේගෙ, බෝධිසත්ව කාලෙ ප්‍රාර්ථනා හිතුවොත්, බුද්ධත්වය ප්‍රාර්ථනා කිරීමටත් වඩා ඒ කරපු කුසලානිසංසය බුද්ධත්වය පිණිස වීමක් - කුසලයක් කියන්නෙ සිතේ යම් හැකියාවක් වර්ධනය වීම..
නොඇලීමේ හැකියාව, අත්හැරීමේ හැකියාව, නොගැටීමේ හැකියාව මෙහෙම හැකියාවන් මහා ප්‍රමාණයකින් වර්ධනය වෙන්න ඕනි සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්න...
ඉතින් බෝසතාණන් වහන්සේ නමක් යම් දෙයක් කරලා එතනදි බලාපොරොත්තු වෙනවා මේ වර්ධනය කරපු කුසලතාවය අනාගතයේ සියලු කෙලෙසුන් නසා බුද්ධත්වය ලබා ගැනීම පිණිස උපකාර වීමට යාඥාවෙන් ඉල්ලන්නෙ වෙන කෙනෙක්ගෙන්.

අපි පින්කමක් කරලා හිතනවා ඒ වර්ධනය කරගත්ත කුසලතාවය අපිට අනාගතයේ දී බොහෝ යහපත පිණිස හේතු වන බව. මූලිකවම එතන ප්‍රාර්ථනාවකටත් වඩා ආනිශංස දැනගෙන පිංකම කිරීමක්. කිව්වෙ ඥානසම්ප්‍රයුක්තව කරන පින්කමක්...

යමක් කරලා යමක් බලාපොරොත්තු වීම කියන්නෙ ගනුදෙනු මට්ටමෙන් නෙවෙයි
ඒ කියන්නෙ මම මේක කළා.. ඒ නිසා මට මේක දැන් ලැබෙන්න ඕනි කියලා නෙවෙයි
එතනදිත් බාහිර කෙනෙක් ඒ කරපු දේ බලං ඉඳලා සතුටට පත්වෙලා යමක් ලබාදෙනවා කියන අර්ථය එනවා.... එහෙම කරන බෞද්ධයොත් ඉන්නවා. බෝධිපූජා බුද්ධ පූජා එහෙම කරලා, එතන බුුදුරජාණන් වහන්සේ වදාළ ප්‍රතිපදාව නෙවෙයි නමුත් මූලිකවම ශාසන ප්‍රතිපදාවෙ තියෙන්නෙ අරමුණක් objective එකක්...

ඒ අරමුණ පිණිස කැප වීමක්- ප්‍රහාණය තමයි අරමුණ... ඒ කිව්වෙ නිර්වාණය
“ඉදං මෙ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු“
කියලා ප්‍රාර්ථනාව කෙරෙන්නෙ ඒ අර්ථයෙන්
නැත්නම් ගඟක් ළඟට ගිහින් මාව ගඟෙන් එතෙර වේවා කියලා කරනවා වගේ එකක් නෙවෙයි
මේ කරපු පින මට සියලු දුකින් අත්මිදීමට හේතුවක් වීමට අරමුණු කිරීමක්....
කුසලයක් වර්ධනය කරනවා කියන්නෙ කොහොමත් යහපත් මිතුරන් ඇසුරට ලැබෙනවා
මොකද හොඳ දේට හොඳ දේ එකතු වෙන නිසා ඒ අනුසස දැන ගැනීම නිසා කුසල බලය තවත් වැඩි වෙනවා.. හිත තවත් ප්‍රමෝදයට පත් වෙනවා
ඒ ගාථාව කියන එකෙන් වෙන්නෙ ඒකයි...

එහෙම නැතිව අපේ ඒ ගාථාව කවුරුහරි අහගෙන ඉඳලා බාලයින්ගෙන් අපිව කවුරුවත් ඈත් කරනව නෙවෙයි.....

Update

බෞද්ධ අයට යාඥාව නැති බව ඇත්ත. ඒවගේ දේවවාදී ආගම් වල නිර්මාතෘවරු වෙච්ච සියලුම දෙවිවරු වගේ ඉන්නවා දේව මණ්ඩලයේ. ඔය අතර ප්‍රධාන දෙවියන් වෙන්නෙ සක් දෙව් රජ. සක් දෙව් රජ, දිව්‍ය, බ්‍රහ්ම 2ටම ප්‍රධානයි.
සක් දෙව් රජ හොඳ බෞද්ධයෙක්. අනිත් සියලු දෙවිවරුත් දහමට ගරු කරනවා.
බලන්ගොඩ ආනන්ද මෛත්‍රි නාහිමියන් ගැන ලියවුනු පොත් වල තියෙනවා උන්වහන්සේ වදාරලා, දෙවියන්ගෙන් ඉල්ලීම වරදක් නෙමෙයි කියල. ඉතින් කෙනෙක් අධිෂ්ඨාන විදියට කලත්, ඉල්ලීමක් විදියට කලත් ඒක වරදක් නෙමෙයි.

එකම දේ තමන් හරියට සිල්වත්ව - ගුණවත්ව ඉන්න ඕන. එතකොටයි ආශිර්වාද ලැබෙන්නෙ.

No comments:

Post a Comment