Tweets by @Tweetsbysuku myblog: අමාදහර බලද්දි මතක් වෙච්ච ඒවත් එක්ක..

Facebook Fan Page

Thursday, December 15, 2016

අමාදහර බලද්දි මතක් වෙච්ච ඒවත් එක්ක..

කාවන්තිස්ස රජතුමා මැරුණට පස්සෙ, තිස්ස කුමාරය ඇවිල්ලා කඩොල් ඇතාත්, විහාර මහා දේවියත් අරගෙන යනවා. ගැමුණු කුමාරයා මාලිගාවට ඇවිල්ලා, පණිවිඩ යැව්වත් අම්මවත්, කඩොල් ඇතාවත් එවන්නෙ නෑ තිස්ස කුමාරය...
ඒනිසා යුද්ධ කරනවා, දසමහා යෝධයෝ යුද්ධෙට එන්නෙ නෑ.

පලවෙනි යුද්දෙ පැරදිලා ගැමුණු කුමාරයා පහුබහිනවා. දෙවෙනි යුද්ධෙ ගැමුණු කුමාරය දිනනවා, මට මතක විදියට යුදගනාව පිටිය වගේ මතක.
යුද්දෙ දිනන්නෙ ගැමුණු කුමාරය තමන්ගෙ වෙළඹ, කඩොල් ඇතාට උඩින් පනින්න සලස්වලා ඒනිසා කඩොල් ඇතාගෙ පසුබෑමත් එක්ක සේනාව පැනලා ගියාම වගේ මතක..

කොහොම හරි පැරදුනු තිස්ස කුමාරය පැනලා යන්නෙ දෙමටමල් විහාරෙට, ගිහින් ඇඳක් යටට රිංගනවා. නායක හාමුදුරුවො මේක දකිනව. දැකලා සිවුරක් පෙරවනවා ඒ ඇඳට.
තිස්සව හොයාගෙන ආපු ගැමුණු කුමාරය නායක හාමුදුරුවන්ට වඳිනකොට දකිනවා ඇඳ යට තිස්ස ඉන්න බව..
ඒ වගක් නොකියා නායක හාමුදුරුවන්ගෙන් අහනවා “තිස්සයා මෙහි ආවාද “ කියල..
නායක හාමුදුරුවො උත්තර දෙනවා “තිස්සයා ඇඳෙහි නැත“ (ඇඳ යට ඉන්න බව කියන්නෙ නෑ)..
හාමුදුරුවන්ට තියෙන ගරුත්වයට, එලියට ඇවිල්ලා පන්සල වටේ මුරකාවල් තියලා සේනාව එක්ක ගැමුණු කුමාරය ඉද්දි මේක ඉවරයක් නැති බව තේරුම් ගන්න නායක හාමුදුරුවො අපවත් වෙච්ච හාමුදුරු කෙනෙක් ගෙනියනවා වගේ ඇඳක තිස්ස කුමාරය තියල, හාමුදුරුවරු 4 නමකගේ උරහිසින් එලියට යනව.
හැමදේම හොදින් දන්න ගැමුණු කුමාරය,

“ තිස්ස, කුලදේවතාවුන් පිටින් යෑම අප වැන්නවුන්ට තරම් නොවෙයි, කුල දේවතාවුන් නුඹට කල උපකාරය මතු සිහි කරව“ කියල යනව.
(තමන්ගෙ බලය පාවිච්චි කරලා තිස්සව කුදලගෙන යන්නෙ නෑ)..

- පස්සෙ මහ සඟරුවන මැදහත් වෙලා අයියල මල්ලිලා සමගි කරනව...
ඒකාලෙ රජවරුන්ගෙ තිබුනු විනය ගැන කියවුනේ. දසමහා යෝධයන්ගෙ විනය ගැන..
අද අයට නැති..

අද හාමුදුරුවරුන් කියන දෙයක් හරියකට අහන්නෙ නෑ, ඊට වඩා තමන් දන්න බව හිතන බලේ නිසා මොලේ ඉදිමිච්ච අය වැඩියි...
- කොහොම හරි, ඒ විනය රැකගත්ත දුටුගැමුණු මහ රජතුමාත්, සද්ධාතිස්ස රජතුමාත් දෙදෙනාම දිව්‍ය ලෝකයෙ මහා බලසම්පන්න දිව්‍ය රාජයන් 2ක්...
ඒ තමයි හරියට හිටියාම, විනය රැක්කාම තියෙන යහපත..
(භාවනා කරන අයට අධිෂ්ඨාන කරලා භාවනා කලොත් දර්ශනය වේවි)

- අද කතාව #විනය ගැන අමාදහරෙ... අත්තනායක සර් කියපු කතාවට පොඩ්ඩක් එකතු කරල හ්ම්..
#swarnawahini #amadahara #attanayakamherath #dectsh2016 #අමාදහර #දුටුගැමුණු #සද්ධාතිස්ස #දසමහායෝධයන්

No comments:

Post a Comment