Tweets by @Tweetsbysuku myblog: දෙමාපියන් කරන දේ දරුවන්ටත් ඇත්තටම බලපානවද ???

Facebook Fan Page

Sunday, October 4, 2015

දෙමාපියන් කරන දේ දරුවන්ටත් ඇත්තටම බලපානවද ???

මේක මේ ඇත්තටම ජිවන කතාවක්..

අපේ ආච්චි අම්මා විදුහල්පති කෙනෙක්. පලාතෙ සැලකිය යුතු ගෝලයො ප්‍රමාණයක් අදටත් ඉන්නව. ඒ හැමෝගෙම ගරුත්ව අපිට අදටත් ලැබෙනවා.
ඉස්කෝලෙ උදේ 6ට විතර ගිහින්, හවස 6ත් පහුවෙලා ගෙදර ආපු කෙනෙක්. ඒ තරම් කැපවීමකින් දරුවන්ට උගන්නලා තියෙනවා. ඒ ගැන අපේ හාමුදුරුවරු ගොඩක් දේවල් අපි එක්ක කියල තියෙනවා, කණිෂ්ට ඉස්කෝල දියුණු කරපු විදි එහෙම..
ආච්චි අම්මගෙන් ඉගෙන ගෙන ඉහලටම ගිහින් දොස්තර වෙච්ච ගෝලයෙක් එක දවසක් ආවා මතකයි සෑහෙන කාලෙකට කලින්. ගොඩක් දේවල් අරගෙන..

ඊලගට අපේ සීයා. අපේ සීයා ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලකගේ ලොකු මාමා. පලාතෙම අදටත් ගරුත්වය තියෙන කෙනෙක්. පක්ෂ - විපක්ෂ දේශපාලනයක් කියල දෙයක් නොකරපු කෙනෙක්. අපේ සීය ඒකාලෙ ගම් කාර්ය සභාවක සභාපති වෙච්ච කෙනෙක්. ඒකාලෙ ඒක ස්වේච්ඡා සේවයක්. අදටත් සීයලගේ ගමේ නාන තොටුපලවල්, තව පාලම් වගේ ඒව තියෙනවා ඒව කරල තියෙන්නෙ සීය සභාපති කාලෙ..
ඒවගේම ජේවිපි භීෂණය කාලෙ යුඑන්පි කාරයො කියන ගොඩක් අය මරද්දි, පලාතෙ හිටිය ලොකුම යුඑන්පි සාමාජිකය වෙච්ච සීයට එහෙම නොකලේ කිසි කෙනෙක්ව පාවල නොදිම වගේම ගමේ උදව් අවශ්‍ය අයට උදව් කරගෙන තමන්ගේ ගරුත්වය රැකගෙන හිටිය කෙනෙක් නිසා වෙන්න ඕන.
( ජේවිපි එකෙන් ඇවිල්ලා ගෙදර වී ගෙනිහින් තියෙනවා. පොලිසියෙන් ඇවිත් ගමේ කවුද ජේවිපි කියල ඇහුවට කියල නෑ කිසි කෙනෙක් ගැන -  සීයා ජිවත්ව ඉන්න තුරු ජේවිපි රැස්වීම් වලට, භෝජන සංග්‍රහ වලට හැමදාම ආරාධනා තිබුනා. සීයා ඒවට ගියා. හැබැයි සීයා කවදාවත් එජාපයෙන් පිට ඡන්දෙ දුන්නෙ නෑ. ඒක ඒ ජේවිපි අයත් දන්නවා.
සෝමවංශ මහත්තයා නායකයා කාලේ ජේවිපි රැස්විමකට ගියපු සීයා, එතුමට කියල තියෙනවා, I'm a sympathizer කියල)

අදටත් සීයා, උදව් කරපු ඒකාලෙ අසරණ වෙලා හිටිය අය අපිටත් ඒ ගරුත්වය දෙනව. නුවර  පැත්තෙ යද්දි ලොකු හෝටලයක් එහෙම තියෙන කෙනෙක් ඉන්නවා, අපි ඒකට ගියාම සල්ලි ගන්නෙ නැහැ. එතන නැති කෑමක් නම් වෙන කොහෙන් හරි සල්ලි දීලා ගෙන්නල දෙන තරම් සලකනවා.
එයාල පොඩි කාලෙ ආර්ථිකය එතරම් නැති නිසා අපේ සීය මුදලින් පොඩි ආධාර කරල තියෙනවා.

අපේ සීයා ලොකු සල්ලිකාරයෙක් නෙමෙයි. සීයගෙ තාත්ත ඒ පැත්තේ මහ රාළහාමි. මහ රාළහාමිගේ තාත්තා ආරච්චි කෙනෙක්.
එහෙම වැදගත් පවුලක වෙලත් පොදුවේ ලොකු පවුල් වලින් ගමට තියෙන කරදර, නොහොබිනාකම් කරපු කෙනෙක් නෙමෙයි අපේ සීයල.. ඒ ගැන සතුටුයි..

ඒව එහෙම වෙලා පවුලේ දරුවො 4 දෙනා, එක්කෙනෙක් පොලිසියෙ අයිපි කෙනෙක්, දෙන්නෙක් ගුරුවරු. අපෙ අම්ම රස්සා කරන්නෙ නැහැ.


ඔය වගේම අපි දන්න තව ගුරු පවුලක් තියෙනවා, කවදාවත් ඉස්කෝලෙ දරුවන්ට හරියට උගන්නලා නෑ. ප්‍රසිද්ධයි පන්තියෙ ඔළුව ගහගෙන නිදි කියල.
එයාලගෙ දරුවන්ගෙන් නීතීඥ, දොස්තර, මහේස්ත්‍රාත්, විදුහල්පති තනතුරු දරන අය තමයි ඉන්නෙ.

ඉතින් එහෙම හිතුවම.. හ්ම්.. ...

* සමහරවිට මුණුපුරන්ට ඒවත් එක්ක ඵල දේවිද මංදා... මං මේ හිතුවෙ මං ගැන... ^_^

No comments:

Post a Comment