Tweets by @Tweetsbysuku myblog: A good deed...

Facebook Fan Page

Monday, October 26, 2015

A good deed...

අපේ නංගි මටත් වඩා සංසාරේ පින් කරල තියෙනව හ්ම්...

සත්තුන්ට කන්න දෙන්න වගේ දේවල් වලට නංගි තමයි දක්ෂ, වගේම හරියටම ඒ දේ කරන්න දන්නෙත්..
අද බල්ලන් 30 ගානකට කෑම හදාගෙන අපි දෙන්න එක්ක කන්න දෙන්න ගියා...
බතුයි, මසුයි, මාළුයි, සැමනුයි, සුප් ජාතියි, තව මොනවද ජාතියි එක්ක (එයාල කැමති විදිය වෙන්න)
අපේ නංගි ඒව හදල තිබුන අපිටත් රහයි සුවඳ අනුව හ්ම්...

අන්තිමටම කෑම දුන්නෙ පැටව් හම්බ වෙච්ච බැල්ලියකට...
එයාගෙ පැටව් 2ටත් කන්න දුන්න.. පැටව් ලැබුනු කෙනෙක්ට දෙන්න ලැබුනු එක අන්තිමට ලොකු සතුටක්, වගේම සැනසීමක්...
බල්ලන්ට දෙන්න ගියාට, පූසන්ටත් කන්න දුන්නා... කපුටොත් කෑවා...

ඉතින් හිතට සතුටුයි... 30 ගානකට මෙච්චර ඉක්මණට කන්න දෙන්න ලැබේවි කියල හිතුවේ නෑ..
දන්න හැමෝටම අනුමෝදන් කලා, සියලු දෙවියන්ට, සියලු ඥාතින්ට, සියලු සත්වයන්ටත් පින් අනුමෝදන් කලා... හ්ම්...

No comments:

Post a Comment