Tweets by @Tweetsbysuku myblog: විහිළුව නම්..., සල්ලාලයන්ද දෙවියන්ගේ පිහිට යැදීමයි..

Facebook Fan Page

Saturday, September 12, 2015

විහිළුව නම්..., සල්ලාලයන්ද දෙවියන්ගේ පිහිට යැදීමයි..

දෙවියන්ගේ අණසකට යටත්ව දේව පරිවාර සේනා වල සිටින යක්ෂ, භූත, ප්‍රේත යනාදි කොටස් වලින් අසාධාරණ වලට යුක්තිය ඉටු කරගැනීමට සිතන නිර්ආගමික අදහස් ඇති සල්ලාල මහත්තුරු සිටීම හරිම ෂෝක්ය..

ගැහැණු දරුවන්ගෙ ජිවිත උකසට ගනිමින්, කරන්න පුලුවන් විනාශද කරමින්, තනිවී සිටින කාන්තා පාර්ශවයෙන් විවිධාකාර ක්‍රම වලින් මුදල්ද උපයන සල්ලාල මහත්තුරුන්ට අමතක වී ඇත්තේ නිර්ආගමික අදහස් වලින් ඔද්දල් වී දහමට සහ ඒ මුවාවෙන් ජන වර්ග වලට පවා අපහාස කරමින් සිටියද...,
තමන්ටත් තමන්ගේ කර්ම විපාක ඵල දීමට ඉඩ ඇති බවයි...

තමන්ගේ කර්ම ශක්තිය යාන්තමට හෝ හොඳ නිසා මෙතුවක් කල් හැමදේම හරියට වගේ කරගෙන, කරන වැරදි වලින් බේරී සිටිමට හැකියාව තිබුනු ඔයිට වඩා රජවරු හා සමානව දිවි ගෙවූ මිනිසුන් බලු බල්ලන් සේ උඩින් පහතට වැටෙනවා අපි අත්විඳ ඇත.

“ වැරදෙන කොට තේරෙන්නත් වාසනාවක් තියෙන්න ඕන... නවතින්නෙ කොතනින්ද කියල තේරෙද්දි... කල් යයි.. “

No comments:

Post a Comment