Tweets by @Tweetsbysuku myblog: දැනෙන දේවල්...

Facebook Fan Page

Friday, July 3, 2015

දැනෙන දේවල්...

#‎යහපාලනයේද‬ ගැටළු තියෙනව... ඒත් කලින් පාලනයට සාපේක්ෂව ධනාත්මක ලක්ෂණත් සෑහෙන්න තියෙනවා...

* බලය ලැබුනම මෝඩ වෙලා, බලය සදාකාලික බූදලයක් කියල හිතාගෙන වැඩ කරන ඇමතිවරු පහුගිය කාලෙ ලංකාවෙ ආයෙත් ඉන්න බව තේරුනා..
ඒ අයගෙ රැස් ටිකක් බහිනවා ඡන්දයෙන්... මොකද උද්ධච්ඡ වෙච්ච ඇමතිවරුන්ට දිස්ත්‍රික්ක වල ඉහලම තැනට එන්න බැරි වෙන නිසා..

* 20,000 පෝෂණ මල්ල හැම ගැබිණි මාතාවකටම දෙනව... ඒක අත්දැකීමෙන් දැනගත්ත. ඒක ගොඩක් වටිනව..

* ඒවගේම කලින් අවුරුදු වල අපි දැක්ක ලොකු ගැටළුවක් උනා “අටපිරිකර“ නිසි ප්‍රමිතියට නැති වීම..
විවිධාකාර ගැටළු ආවා, අන්තවාදි ප්‍රශ්නත් ඒව ඇතුලෙ තිබ්බ..
මේ ලගදි අපේ දානෙට අටපිරිකර ගන්න ගියාම දැනගත්ත, ඒ වෙලාවෙම අටපිරිකර පෙන්වල තමයි අපිට දෙන්නෙත්... අනිත් කාරණය බුද්ධ ශාසන අමාත්‍යංශයෙන් වෙනම නිලධාරින්, හාමුදුරුවරු එක්ක ඇවිල්ලා ඒව පරික්ෂා කරල බලනව. ඒක හරි වටින දෙයක්.
(රට ජාතිය විනාශ වෙනව කියල හිතන අයට කලින් පාලන කාලයෙ මෙහෙම නොවුන බව මතකද මංදා)

* මහින්ද මහත්තයගෙ පින ඉවර බව කියන්නෙ ජනාධිපතිවරණයටත් කලින් ඉදගෙන...
මාර්තු මුල ඉදන් ආණ්ඩුව වට්ටනව කිව්ව... අන්තිමේදි ආණ්ඩුව දවස් 100ට 160ක් ගියා මොකුත් උනේ නෑ.
රනිල්ට, ආණ්ඩුවට විශ්වාසභංග කතා කිව්ව... අන්තිමේ ගේන්නවත් ලැබුනෙ නෑ.
අන්තිමට නැගලම ගියේ මහින්ද මහත්තය අගමැති අපේක්ෂක කියල... ඒක ඇත්තද බොරුද දන්නෙ නැති උනත් කියන්න තිබුනෙ පින ඉවරයි ආයෙ එන්න බෑ කියල විතරයි...
ඒකත් දැන් යම් තරමක් එලි වෙලා තියෙනව... ආයෙ ඒමක් මහින්ද මහත්තයට ලැබෙන එකක් නැහැ.
රටට යහපතක් හෙමිට වේවි...

ඊලග ඡන්දෙන් ගිය පාර්ලිමේන්තුවෙන් සෑහෙන කොටසක් පරදිනව....

No comments:

Post a Comment