Tweets by @Tweetsbysuku myblog: අලුත් අවුරුදු දවස් වලත් ඡන්ද කතා.....

Facebook Fan Page

Sunday, April 12, 2015

අලුත් අවුරුදු දවස් වලත් ඡන්ද කතා.....

#‎යහපාලන‬ ආණ්ඩුවෙත් වැරදි තිබෙන බව ඇත්තය... කාලෙකට පස්සෙ බලයට ආවාම හැමදේම හරිය කියල හිතෙන එකත්, ඒ අනුව හැසිරෙන එකත් මතක් කරන්නෙ “බලය ඇති කල මොලය නැත“ කියන දේ...
කොහොම උනත් කලින් ආණ්ඩුවේ කටයුතු එක්ක බලද්දි වියදම් අඩුකිරීම් වගේම, නීතිමය කටයුතු වල වෙනද තත්වෙට වඩා යම් දියුණුවක් තිබීම ගැන ගැන සතුටු වෙන්න පුලුවන්...

මහින්ද මහත්තයාට තවම කැමති අය සෑහෙන්න සිටින බව ඇත්තය.. එතුමා අද ජනාධිපතිවරණයකට ගියත් බහුතර බලය ගන්න බැරි උනත් සෑහෙන්න අය තවම සිටිති..

තනි පුද්ගලයෙක් වශයෙන් තවම ‪#‎මහින්දමහත්තයට‬ තියෙන ඡන්ද පදනම වෙන කාටවත් නැත...
එතුමා බලයට නැවත ගේන්නට දඟලන අය අතර බහුතරය කලින් ආණ්ඩුවෙන් විවිධාකාර වාසි බොහෝවිට නීතියට පවා පිටින් ගත් අයයි... ඊට අමතරව රස්සා ආදිය ලැබුනු අයද වෙති..
රජ මානසිකත්වයෙන් තවම මිදීමට හැකියාව ලැබී නැත. මූලික හේතුව එයයි. අපි වගේ රටකට රජෙකු දැරිය නොහැක...
එතුමාව අගය කරමින් කරන කතා ඉවසිය හැකි වුවද කට මිස වැඩ නැති වීරවංශ අය හෝ වැඩි දෙයක් නොතේරෙන නාමල් අයියා වැනි අයව මහා ඉහලින් වර්ණනා කිරීමම මහින්ද මහත්තයා බලයට ගේන්න දඟලන අයගේ වෙනස් කල නොහැකි වරදකි.

කෙසේ කොහොමට උනත්.... අපෙ දැනීම සහ විශ්වාසයන් අනුව මහින්ද මහත්තයට නැවත දේශපාලන ගමනක් නැත. දැනටම ඇති තරම් චිත්ත පීඩනය එතුමාට ඇති අතර එය උත්සන්න නොකරගෙන නිදහසේ සිටින්නෙ නම් හොඳයි කියා සිතේ...
පින ඉවරව ඇති නිසා මහින්ද මහත්තයාට නැවත යමක් කරන්නට හැකියාවක් ලැබෙන්නෙ නැත...

No comments:

Post a Comment