Tweets by @Tweetsbysuku myblog: Hope... is the best thing...

Facebook Fan Page

Saturday, January 31, 2015

Hope... is the best thing...

https://www.facebook.com/sukumal.harischandra/posts/10204534445715653

මෛත්‍රි පාලනයක් ආවා... ජෙනරල්ට, ශිරාණි මැඩම්ට ලැබිය යුතු ගරුත්වය, යුක්තිය ලැබුන...
ජනතා සහන අතුරු අය වැයෙන් සෑහීමකට පත් වෙන්න ලැබුනා... “

ඉදිරියෙදී මූලිකව, “ තොරතුරු දැනගැනීමේ පනත“ ගැනත් විධායකයේ බලතල අඩු කිරීම ගැනත් බලාගෙන ඉන්නවා...

* මෙතනින් මේක ඉවර නෑ... දැන් නම් අපේ ගම් පැතිවලත් ගොඩක් අයට අයවැය සහන එක්ක යම් දෙයක් තේරිලා... හොරකම් ගැන අවබෝධයක් ඇවිල්ලා...

ලගදි ආපු ත්‍රිවිල් අයිය කෙනෙකුත් කිව්වේ, මේ හොර අහුවෙද්දි ඡන්දෙ දුන්නෙ මහින්දට උනාට පැරදුනාට සතුටුයි කියල...
(මේ අතුරු අයවැය විවිධාකාරව විග්‍රහ කරන මරාවාදි මහ මොලකාරයන්ට කියන්නට ඇත්තේ, මේ පොදු ජන මනස.... ඒක ඊලග ඡන්දෙදි පැහැදිලව පෙනේවි... මේක සර්ව සම්පූර්ණ නැති බව අපි දනිමු.)

හයිවේ හදපු ඉංජිනේරු නෑයෙක් විතරක් වැඩි පැහැදීමක් තාම නෑ, සමහර ව්‍යාපෘති නවත්තපු නිසා.. ඒකෙ ගැටළුව ඒවයේ මිල මුදල් නිසා ඒව මුල ඉදල ආයෙ බලල තමයි කරන්න හදන්නෙ..

මේ ලගදි Lahiruගෙ කමියුනිකේෂන් එකට ආපු එක මහත්තයෙක් හිටියා, මාස 2කට කලින් කෝම හරි මහින්ද දිනනවාමයි කිව්ව, එදත් ෆෝන් එකේ ස්ක්‍රින් එක ගිහින්... අදත් ඒක දාගෙන නෑ... හැබැයි මහින්ද හොදයිලු... එයා කියනවා මම ආවත් හොරකම් කරනවලු. වටේ අයට උදව් කරපු අයට වාහන, ඉඩම් දෙනවලු..
මම එතකොට කිව්වා මම මීඩියා සපෝට් කලානේ අලුත් ජනමාධ්‍ය ඇමතිතුමාට මම අදත් මේ ආවෙ පයිනේ කිලෝමීටරයක් විතර ඇවිදල කියල.. එතකොට නම් පුදුමෙන් බැලුවා මං දිහා..
අන්න ඒ මෝඩ සිතිවිල්ල වෙනස් කරන්න කාලෙ හරි... මම බලයට ආවත් හොරකම් කරනව කියන..

* දේශපාලනය කියන්නෙ බොහොම ගෞරවනීය දෙයක්... පාරෙ ඇවිදින අයගෙන් පවා හොරෙක් කියල අහගන්න වෙනව නම් කොයිතරම ලැජ්ජාවක්ද ඒක....

* ජනතාව විදියට අපිට තියෙන්නෙ, මේ හොඳ ප්‍රතිඵල වලින් අපේ ජිවිත යහපත් කරගන්නට උපරිම උත්සහ ගන්න එකයි...

මහින්ද මහත්තය ගැන හිතල අඬලවත්, මෛත්‍රි මහත්තය ගැන හිතල උදම් වෙලාවත් වැඩක් නෑ..

දැන් කරන්න ඕන තමන්ගෙ දියුණුව ක්‍රමිකව සලසා ගැනීම...

උගතුන්ට සලකන රටක් හැදෙනවා... ගරුත්වය ලැබෙනවා.. නීතිය හැමෝටම පොදුයි...

* අයවැයෙන් බඩු අඩු කරනකම් නොඉද, ආර්ථිකය ශක්තිමත් කරගෙන ජිවත් වෙන ගමනක් අපි ජනතාව විදියට යන්න ඕන... ඒ තත්වය ඇති කරගන්න ඕන...
ආණ්ඩුවක බලපෑම හැමදාම තියෙනවා... බොහෝවිට මේ ආණ්ඩුවෙන් ආණ්ඩුව පැත්තෙන් දෙන්න ඕන උදව් දේවි..

පූජාවලියෙ තියෙන්නෙ නම් වියදම වගේ 8 ගුණයක් හම්බ කලොත් සැපට ඉතෑකි කියල... හ්ම්...
( කෙලෙස් මිස, සැප අතාරින්නට බුදු දහමේ නොකියවේ)

https://www.facebook.com/sukumal.harischandra/posts/10204539794409367

No comments:

Post a Comment