Tweets by @Tweetsbysuku myblog: “ ජාතික හැඳුනුම්පත නැතිවුනොත් සාදා ගන්නා ආකාරය “ - එක්දින සේවය

Facebook Fan Page

Thursday, November 20, 2014

“ ජාතික හැඳුනුම්පත නැතිවුනොත් සාදා ගන්නා ආකාරය “ - එක්දින සේවය

(මෙම ක්‍රමය සාමාන්‍ය පුරවැසියන්ගේ ක්‍රමය මිස, ලොක්කන් හෝ අඳුනන අය මාර්ගයෙන් නොවේ)

1. හැඳුනුම්පත නැතිවුනු ස්ථානයට ලගම ඇති පොලිස් ස්ථානයේ පැහැදිලිව පැමිණිල්ලක් ලියන්න.
එහි කොපියක් ගන්න.
පොඩි වියදමක් යාවි කොපියට( බොරැල්ල පොලිසියේ රු.25කි. කුරුඳුවත්ත පොලිසියේ රු.50කි).

2. * ඔබගේ උප්පැන්න සහතිකයේ ඔරිජිනල් පිටපතක් සහ කොපියක් ලබාගන්න.
* දිග ලියුම් කවර 2ක්,
* එක් දින සේවාවට රු.15 මුද්දර 1ක්.
* අයිඩෙන්ටි කාඩ් එකට අවශ්‍ය ඡායාරූප 5ක්
* ඔබගේ බැංකු පොතක මුල් පිටුවේ කොපියක්
(එම බැංකු පොතේ ඔබගෙ ජාතික හැඳුන්පත සඳහන්වී තිබීම අත්‍යාවශ්‍යය. කොමර්ෂල් බැංකුවේ බොහෝ බැංකු පොත් වල එය නැත. ආණ්ඩුවෙ බැංකු වල මෙන්ම සම්පත් බැංකුවේද එය ඇත)

3. අදාල 1. සහ 2. දේවල් සමග ග්‍රාමසේවක මහතා හමුවන්න.
( අදාල ෆෝමය පුරවන්න.)
* ග්‍රාමසේවක මහතා දෙන ෆෝර්මයේ ඔබගේ රැකියාව ලෙස කම්කරු, ගොවි, වෙළදාම් ලෙස සඳහන් නොකරන්නේ නම් රැකියාව සහතික කරගැනීමට සේවා සහතිකයක් අවශ්‍ය බව මතක තබාගන්න.

4. ග්‍රාමසේවක මහතාගෙන් උපදෙස්ද ලබාගෙන ලියුම් කවරයකට ගෙන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට යන්න. එහි වෙනම ජාතික හැඳුන්පත් අංශයක් ඇත.
එතන මහතාට ලියුම් කවරය දෙන්න. එතුමා අවශ්‍ය දේවල් කර පැහැදිලි කර නැවත අනිත් ලියුම් කවරයට බහා දේවි.
( මෙහිදි උප්පැන්නේ පියාගෙ සහ මුත්තාගේ නම් වලට වෙනසක් ඔබගේ නමේ ඇත්නම් නැති වූ ජාතික හැඳුන්පතේ කොපියක් ලග තිබීම මැනවි. (නැති කරගන්න කලින් දැන්ම කොපියක් අරගෙන ඉන්න).
නැතත් අනෙකුත් නම් වලට එය යෙදිය හැකියි. එසේ නම් එයට ජේපි කෙනෙකුගේ සහතිකයක් අවශ්‍යයි.

5. ජාවත්තේ පිහිටි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට යන්න.
එතනට ගොස් කාගෙන් හෝ විමසා හෝ නැතන්ම් ඇතුල් වෙන තැනම කෙලින්ම ඉදිරියට ගිය විට හමුවන්නේ ‘එක්දින සේවාවයි‘.
එතනට යන්න, ඔවුන් උපදෙස් දෙන පරිදි ලියුම් කවරය ගලවා ඉවත් කර එම ලියකියවිලි තම අතට ගන්න, අංකයක් ලබාගෙන එතන ඇති අසුනකින් ඉදගන්න.
කවුන්ටර වලට කතා කරන විට ගොස් තමන්ගේ තොරතුරු ලබාදෙන්න. ඉන්පසු රු.500ක මුදල එතනම ඇති ගෙවීමේ කවුන්ටරයට ගෙවන්න. රිසිට් පතක් ලැබෙනව. එය තබාගන්න.

6) ඊලගට තමයි ටිකක් කරදර දේ වෙන්නෙ. මොකද කියන්නෙ නම... සාමාන්‍ය ලෙස පැය 1 හමාරක්වත් ඉන්න ඕන නම කියනකම්. එතනම එලියට ගිහින් අහගෙන ඉන්න එක වටිනව. වැඩිය ඇවිදින්න යන්න එපා. මාත් අද පැය 1 හමාරකට ගිහින් ආවා එලියට ගැටළුවක් උනේ නෑ.
නම කිව්වම ගිහින් අදාල රිසිට් පත දිලා තමන්ගෙ නව හැඳුනුම්පත ලබාගන්න. ගැටළුවක් නම් ඒකත් එතනදිම විසඳාගන්න.

* එතන සේවය වටිනවා. නමුත් අඩුපාඩු බොහෝමයි. නම කියන්නෙ නැතිව දුන්නු ටෝකන් නොම්මරේ කියනව නම් ලග හිටිය අයගෙන් උනත් හොයල ඉක්මනට හොයාගතෑකි.

* සෑම ආගමකම, ජනවර්ගයකම අය ඉන්න එකත් අපේ ස්වාමින්වහන්සේලාත් කටයුතු කරගන්න පැමිණ සිටීමත් දකින්න ලැබුනා.
* තම තමන්ගේ අයට කටයුතු සිද්ධ වීම් ඉතින් හැමතැනම වගේ එතනත් වෙනව...
ලොක්කන්ගෙයි දන්න අයගෙන් වැඩටයි වඩා පුරවැසියෙක් විදියට ගිහින් නැති කරගත්ත මෝඩකමට වෙලාව වැය කරමින් බලාගෙන ඉදලාම අරගෙන එන්න ලැබුනට සතුටුයි..

* අද යනකොට මූලික උපදෙස් දීපු අපේ Upul Agbo Hewavitharana අංකල්ට බොහෝම ස්තූතියි

* දැන් දැන්ම තමන්ගේ උප්පැන්න සහතිකය, ජාතික හැඳුන්පත, බැංකු කාඩ් වගේ වැදගත් දේවල් වල පින්තූර අරගෙන ඒවා ගබඩා කරගත්තොත් හොඳයි හ්ම්...

1 comment: