Tweets by @Tweetsbysuku myblog: හිතන්නට...

Facebook Fan Page

Friday, July 25, 2014

හිතන්නට...

Most say they dnt value, Money or Power more than Humanity... bt whn they act... they do it...
Thing is it doesn't matter hw much money or power u gt... If U do wrong... U ll have to pay for it...
Unlimited power of universe... always knw wat we did, do n upto.......
So... its better to be good.... otherwise U ll have to pay... dearly....

ගොඩක් අය කතා කරනකොට කියන්නේ, අපිට සල්ලි, බලය වැදගත් නෑ... මනුස්සකම තමයි වටින්නෙ කියල... ඒත් ක්‍රියාවෙදි කරන්නෙ වෙන දෙයක්... එතනදි මනුස්සකම් කොහේද නෑ...

ඇත්තම දේ තමයි කොච්චර බලය තිබ්බත් සල්ලි තිබ්බත් වැරදි කරනව නම් කවදහරි විපාක ලැබෙනව.. අනික කොච්චර තිබ්බත් මැරෙද්දි ගෙනියන්න බෑනෙ හ්ම්...

ඒනිසා හොඳ වෙන එක, සිල්වත් වෙන එක වටිනව.. කොයිතරම අමාරු උනත්...
අපිට අපි දන්න ඕන තරම් චරිත තියෙනවා සල්ලි, බලය වැඩියෙන්ම තිබුනත් .. බොහොම දුක්ඛිත විදියට දැන් ඉන්න, හිටපු චරිත... ඒව හිතල හැදෙන්න බලන්න ඕන... හ්ම්...

වෙලාවකට දුක හිතෙනව... අර නොදන්න රටකට ආපු කෙනෙක්ව මරලා එයාගෙ පෙම්වතියව සමූහ දූෂණය කරා කියල නීතියෙන් ඔප්පු උනු අයව රකින්න, එයාලට ආදරේ කරන්න අය ඉන්න එක... එතනදි බොහොම පැහැදිලියි තමන්ට දෙයක් කල නිසා එයා වැරදි කලත් කමක් නෑ කියන මතයේ ඉන්නවා.....
තව කොටසක් ප්‍රෞඪ ශ්‍රේෂ්ඨ ජාතියක් වෙච්ච අපේ ජාතියට අවමන් කරනවා, ඒක සිංහලකම... සුද්දෝ කරපුවට වන්දි ගත්ත වගේ බොහොම පහත් අදහස් දෙන්න හදනව...
- මතක තියාගන්න මොන විදියට ඒ වගේ ඒව නිවරදි කරන්න හැදුවත්... නීතියෙන් ඒවට දඬුවම් නොතිබුනත් සදාචාරය පැත්තෙන් හිතද්දි හරි වැරදියි... එහෙම වැරදි වලට අනුබල දෙන ඒව අගයන අය ඒ පව් අනුමෝදන් කරගන්නවා....
(ඒක කිව්වම අහල අදාල කටයුතු කරපු Romesh අයියටත්, Sitha අක්කටත් ස්තූතියි..
ලයික් කරල හිටපු අනිත් අයව නම් අයින් කලා)

දේවදූත සූත්‍රයේ තියෙනව ජිවිතේ ගැන හිතල හැදෙන්න කියල, එයින් එක උදාහරණයක් බන්ධනාගාර ගත වෙච්ච කෙනෙක්... තව එකක් ලෙඩ වෙච්ච කෙනෙක්....

මේ වගේ අදහස් හිතේ තිබ්බත් තව ඒක පැහැදිලි උනේ අද Susantha අයියත් එක්ක කතා කරපු නිසා... ජිවිත අත්දැකිම් එක්ක ඒව දැනගත්ත එක සෑහෙන වටිනව... අයියටත් ස්තූතියි...

No comments:

Post a Comment