Tweets by @Tweetsbysuku myblog: Test අමාරුයි, T20 කරගන්න වේවි..

Facebook Fan Page

Tuesday, December 24, 2013

Test අමාරුයි, T20 කරගන්න වේවි..

අද පවතින තත්වයන් අනුව ටෙස්ට් මැච් ගැසීමට කාලයක් නැත..

එනම් සිද්ධාලේප මුදලාලි කල ක්‍රමයට වසර ගණන් මහන්සි වී වැරදීම් වි ඉගෙනීම පවතින තත්වය සමග අපහසුය.
වෙනදා ව්‍යාපාරයක් කිරීමට ගොස් ඇනුනොත් මාස 6ක්, වසරක් වැනි කාලයකදි නැවත තව දෙයක් කල හැක. දැන් එවන්නක් වුවොත් අවම වශයෙන් වසර 3-5ක්වත් නැවත කෙලින් වීමට ගත වනු ඇත...

ඒනිසා පවතින තත්වයන් අනුව සෑම ආකාරයකටම ව්‍යාපාර ක්‍රම විදි අනුගමනය කිරීම කල යුතු බව සිතමි...

“මහන්සියෙන් හම්බ කරන සල්ලි “ කතාව පල් බොරුවකි... එසේ නම් ලෝකයේ සියලුම බර වැඩ කරන අය අද මිලියනපතියන් වී සිටිය යුතුය. එම කතාව එනම් Work Hard ගොඩ නඟා ඇත්තේ පවතින සිස්ටම් එකට අවනතව උපන්නාට ඔහේ වැනෙන චරිත බිහි කිරීමටයි...
විය යුත්තේ Work Smart ය....

පාසලේදි උගන්වන්නේ
“ හොඳින් ඉගෙන ගන්න... රස්සාවක් කරන්න කියාය.... එසේ වුවද රස්සා දෙන කෙනෙක් වන්න කියා උගන්වන්නේ නැත... “
එනම් පාසල් ක්‍රමයද පවතින සිස්ටම් එක රැකගෙන කටයුතු කිරීමටම සාදා ඇත...

 අවශ්‍ය වන්නේ,

1. මහන්සි වුවද, නැති වුවද ආදායම් ලැබෙන ක්‍රම

2. ජීවතුන් අතර සිටියද නැති වුවද ගෙදරට ආදායම ලැබෙන ක්‍රම....

ඒ කරුණු 2 සාක්ෂාත් කරගැනීමට කැපවෙන්නට සිතමි...

තවද... සැබෑ ධනවත්කම මනින්නේ කාලයෙනි.... කාලය ඇති තරම් තිබේ යනු සැබෑ ධනවතෙකි.....
මුදලට වහලෙක් වී කාලය සල්ලි හොයන්න යන තැනැත්තා සැබෑ ධනවතෙක් නොවේ...

No comments:

Post a Comment