Tweets by @Tweetsbysuku myblog: Mandura's Funeral (09/21)

Facebook Fan Page

Tuesday, September 24, 2013

Mandura's Funeral (09/21)

මන්දුරගෙ අවසාන කටයුතු කරපු දවසේ යන්න ලැබුන එක හොඳ බව ගියාට පස්සෙයි හිතුනෙ. කොළඹ වගේ පිටම පලාතක පැත්තක ඉදගෙන, ඔය වගේ දේකට දුක් වෙන කොට දුක හරිම අනනුකම්පීයයි....

ඒත් ගමට ගිහින් දන්න අයත් එක්ක දුක බෙදාගන්න කොට, දුක තුනී වෙනව. මන්දුරගෙ තාත්තත්(පෙරේරා අංකල්), අම්මත් එක්කත් කතා නොකර ඉන්න හිටියත් කතා කරන්නම උනා. ෆේරෝස් අයිය එක්ක කතා කලාට පස්සෙ මන්දුරගෙ තාත්ත එක්ක කතා කරන්න ලැබුනා.
උවමනා උනේ මන්දුරගෙ අම්මගෙ එක්ක කතා නොකර ඉන්න උනත්, කරන්න උනා. අකමැති උනේ දරුදුක ගැන යම් දැනුමක් තේරුමක් තියෙන නිසයි අකමැති උනේ.
මැරුණට පස්සෙ තව මොනව කියන්නද... කරන්නද... ජීවිතේ ගැනම එපාවීමක් ඇතිවෙන්නෙ මේ වගේ දෙයක් උනාම තමයි....

කාලෙකට පස්සෙ, සුමීර, සුමිත්, තරංග, චන්දන, නිර්මාල්, යසිරු වගේ යාළුවොත්, මල්ලිලත්, නුවන් චින්තන, ශශික වගේ අයියලත් මුණ ගැහුනු එකටත්, සිරිපාල අංකල්, තව දහම් පාසලේ උගන්නපු අයිය කෙනෙක් වගේම, අකුරටියෙ නන්ද හාමුදුරුවන්ගෙ දායක පවුලක ආන්ටිත් අංකලුත් එක්ක ධර්මය ගැන කතා කරන්න ලැබුනු එකත් හොඳ දෙයක්...

මල ගෙදර පිලිවෙලට තිබුනා, ජේවිපි එකේ ක්‍රමයට තමයි තිබුනේ, හැමදේම හොඳින් තිබුන. ඊෂිතා අක්කත් එක්ක කතා කරන්න බැරි උනා, උචිත මල්ලි එක්ක නම් ටිකක් කතා කලා.
පවුලෙ අයට තරම් වේදනාවක් නැති උනත්, අසාමාන්‍ය දෙයක් නිසා වෙච්ච දේ තාමත් හිතාගන්න බෑ.
මල ගෙවල් වලදි පොදුවේ බුම්මගෙන එක ඉන්න එක පුරුද්දක් උනත් එදා මට දන්න අය, දන්න පලාතක් නිසාද මංදා හිනා ආවා. වෙනද නම් මල ගෙවල් වලදි වෙන අය හිනා වෙද්දි මට එන්නෙ තරහක්. එහෙම තරහ ආවම හිත හදාගන්නෙ ඒ අය සෑහෙන ආයුෂ විඳල කියල හිතලයි... හ්ම්.. ඒත් එදා එහෙම තත්වෙකට මම ආවෙ මොකද කියල හිතාගන්න බෑ.

තරංග මතක් කලා විහිළු කලත් ඇස් වලට කඳුළු එන තරම් සංවේදි කෙනෙක් කියල මන්දුර... ඒක ඇත්ත මටත් මතකයි... ඒ අතීතයේ පිස්සු වැඩ අනන්තයි, හිත් නරක් කරගැනීමුත් සතුටු අස්සෙ නොතිබුනාම නෙමෙයි. ඒත් පොදුවේ අපි සතුටින් හිටියා ජිවිතේ ගැන බරක් පතලක් තිබ්බෙ නෑ... අපිට ඕන වෙලාවට ක්ලාස් ගියා, ඕන නැත්නම් කට් කලා.. ඉස්කෝලෙ නම් පිලිවෙලට හැමදාම වගේ ගියා...

මොනදේ උනත් හිත හොඳ බව 100%ක්ම විශ්වාසයි මන්දුරගෙ, වෙච්ච දේ තාමත් හිතාගන්න බැරි උනත්, කොහේ හිටියත් කොහොම හිටියත් හොඳින් ඉන්නව ඇති කියල විශ්වාසයක් තියෙනව මන්දුර ගැන... 

සමහරවිට ආයෙ මුළු සංසාරෙදිම මුණ නොගැහුනත්.... හොඳින් ඉන්න.. සංසාරෙ පුරාවටම තුනුරුවන්ගෙ සරණයි ආරක්ෂාවයි ඔයාට !

No comments:

Post a Comment