Tweets by @Tweetsbysuku myblog: කලකිරීමකිනි.. හ්ම්

Facebook Fan Page

Saturday, September 28, 2013

කලකිරීමකිනි.. හ්ම්

2009 දි විතර මට නුවරඑලියෙ රතනවංස හාමුදුරුවො මෙතනදි මුණ ගැහෙනව. පස්සෙ දැනගන්නවා උන්වහන්සේ අපේ සීයලගෙ ගමේ ආරණ්‍ය සේනාසනයේ වැඩවසන බවත් එහි පරිවේණාධිපති ධූරය ඇතුළු වගකීම් රැසක් දරන බවත්. ආරණ්‍ය සේනාසන සර්වඥ ධාතුන්වහන්සේලා වැඩ සිටින නුවර දළදා මාලිගයේ මෙන් සියලු වත්පිලිවෙත් සහිතව කටයුතු කරන විනයගරුක රටම දන්නා ආරණ්‍යයකි.

ගරුතර ස්වාමින්වහන්සේ කෙනෙකුගෙ ඇසුර ලැබීම පිනකි. ටික කලකදි උන්වහන්සේට අපහාස කරන දේවල් වෙද්දි මම උන්වහන්සේට මම විතරක් ෆැමිලි සහෝදරයට දාන විදියට පවසලා ඒ සියලු කරදර බාධක ඉවත් කලා. බොහෝ දෙනෙක් දැන සිටියෙ මගෙ සහෝදරය විදියට. පැවිදි උතුමෙක් සහෝදරයෙක් වගේ සලකන්න ලැබීම මටත් ලොකු දෙයක් උනා, හැබැයි ඒ ගරුත්වය ගිහි පැවිදි සම්බන්ධය වෙනස් කලේ නෑ. උන්වහන්සේ සමග බෝධි පූජා වගේ ඒවටත් සහභාගි උනා. හොඳට බණ කියන්න පුලුවන්. ඔය තරම තමයි අළුතෙන් බෞද්ධයෙක් උන කෙනෙක් සර්වඥ ධාතුන්වහන්සේ නමක් තියෙනවා ලබාදෙන්නම්, ෆැමිලි දාගන්න කියල ඉල්ලන්නෙ. මට කිව්වම ඒක මම කිව්වා මගේ වචනෙ වෙනස් කරන්නෙ නෑ, ඔබවහන්සේට කැමැත්තක් කරන්න කියල, හාමුදුරුවො අර කෙනාව ෆැමිලි දාගත්තම මම අයින් උනා ෆැමිලි එකෙන්.

ඔය අතර විවිධාකාර දේවල් සිදු උනා. “ මම මෙතන දකින බොහෝ දෙනෙක් කරන ජනප්‍රිය මාතෘකාවේ“ දේවල්, අය සමග උන්වහන්සේ සම්බන්ධ උනා. මම හෙව්වෙ නෑ. වතාවක් බෞද්ධකම රැකගන්න කටයුතු කරනව කියන කෙනෙක් ඇත්තටම ඒ එකවුන්ට් හැක් කරලා ප්‍රශ්න වගයක් ආවා. මම එතනදි හැප්පෙන්න ගියත් මට වඩා එයාලගෙ කම්පියුටර් දැනුම ඉතා ඉහලයි, සහ මට දැනුම් දුන්නා ඒ පාර්ශවයෙන් මේ මේ වැරදි තියෙනව ඉවත් වෙන්න කියල, මම ඒව විශ්වාස නොකලත් මම අයින් උනා.
ඔය අතර තමයි එක එක කතා එහෙමත් අහන්න ලැබුනා. මේ ලගදි මෙතන යාළුවෙක් කිව්ව සිවුරු ඇරල කියල. මට හිතාගන්න බැරි උනා. මම තීරණය කලා ආරණ්‍යයට ගිහින් අහන්න.

ලොකු හාමුදුරුවන්ව මුණ ගැහිලා අද කතා කලා. ලොකු හාමුදුරුවො මට කිව්වා, “වතුරුවිල ආරණ්‍ය සේනාසනය සමග කිසිම සම්බන්ධයක් දැන් නුවරඑලියෙ රතනවංස හාමුදුරුවන්ට නැති බවත්, විනය විරෝධි කටයුතු නිසා නිකායෙන් ඉවත් කර ඇති බවත්.“

උන්වහන්සෙ බොහොම හොදට ඉගෙන ගෙන හොදට හිටිය හාමුදුරු කෙනෙක්. මට මං ගැන තරහයි වගෙම කණගාටුයි, මොකද මෙතන අපි දන්න ගොඩක් අයට කරදර වෙද්දි ඒවට මැදිහත් වෙලා අවශ්‍ය වෙලාවට පවුල් බලය, හිතවත් අයගේ උදව් පවා අරගෙන ඒවට උදව් කරල තියෙන නිසා... නමුත් මෙතන ස්වාමින්වහන්සේ කෙනෙක් නිසා මම කරන වැඩ වලට බාධා කරන්න හිතුවෙ නෑ, ගිහියෙක් විදියට මට ඒවට අයිතියකුත් නැ කියල හිතුව නිසා.
දැන් කිසිම හාමුදුරු කෙනෙක් ෆේස්බුක් එනවට මම කැමති නෑ. හොදට ඉන්න සිල්වත් හාමුදුරුවරු මෙතන ඇවිත් නැති කරදර ඇති වෙනවා, දාගන්නවා. ඒනිසා මින්මතු හාමුදුරුවරුන්ගෙ රික්වෙස්ට්ස් ගන්නෙත් නෑ. බොහොම කලකිරීමකින් ඉන්නෙ...
මෙහෙම දේවල් වලට මුල් වෙච්ච අයට සාප වෙනව... එච්චරයි කියන්න තියෙන්නෙ....

No comments:

Post a Comment