Tweets by @Tweetsbysuku myblog: ධනපතියා... දානපතියා....

Facebook Fan Page

Sunday, September 15, 2013

ධනපතියා... දානපතියා....

අද වෙලා තියෙන්නෙ ධනපතියන් ඉන්නවා... දානපතියන් නෑ.

ධනවත් වෙන්න විවිධාකාර ක්‍රම තියෙන එකේ, ඒවායින් කුම්මැහි විදියට ඉදල, ධනවත් කෙනෙක් විවාහ කරගෙන, යටහත් පහත්ව ඉදලා, ධනවත් වෙන අය දනට පිනට පොදුවේ වැඩි කැමැත්තක් නෑ.
ධනවත් වෙච්ච බහුතරය කොහොමත් වෙන අයට උදව් කරන්න පොදුවේ වැඩි කැමැත්තක් නෑ, ලංකාවෙ විතරක් නෙමෙයි ඒක ලෝකෙම තත්වයක්. එයාල දන් දෙන බව කරන්නෙ පේන්නයි, ප්‍රදර්ශනයට... සමාජයට, ලෝකෙට, ආගමට, සිරිත් විරිත් වලට ගරු කරන බව ලෝකෙට කියන්නයි.

කොහොම උනත් නැති වෙලා යන “දානපති“ සංකල්පය මෙහෙම නෑ. අනේපිඬු සිටාණන්ට අපේ ගමේ පන්සලේ ඇඳපු චිත්‍රයේ තියෙන්නෙ “පිනේ නිති වැඩු, අනේපිඬු සිටු“ කියල...

දානපතියා, තමන් භුක්ති විඳින දෙය තව කෙනෙක්ට දෙන්න මැලි වෙන්නෙ නෑ. දානපතියා තමන්ගෙ මෙහෙකරුවන්ටත් ගරු කරනවා. මෙහෙකරුවන් කිව්වට එයාල කරන්නෙත් වෘත්තියක් බව දානපතියා දන්නවා. ඒවගේම තමන් ආහාර ගන්න විදියටම තමන් යටතේ ඉන්න අයටත් ලබාදෙනවා.

අපි දන්දීම ගැන කොච්චර දන්න ජාතියක්ද... හ්ම් “සිරි ජාතකයේ“ ඉදන්ම අපි දන්නවා... හ්ම්...

No comments:

Post a Comment