Tweets by @Tweetsbysuku myblog: ඔබ කොයි කොටසෙද.... ?

Facebook Fan Page

Saturday, February 23, 2013

ඔබ කොයි කොටසෙද.... ?

+Robert Kiyosaki ගෙ Business School පොත ඉතින් පුරුද්දක් විදියට කියවනවා. ඒකෙ තියෙන්නෙ විප්ලවකාරී අදහස් නොවුනත් සාම්ප්‍රදායිකව බ්‍රේන් වොෂ් කරපු, වැරදි කිරීම පාපයක්, වැරදි නොකර “දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන හිටින්“ කියන දේට මම කවදත් අකමැති නිසා....

කියොසාකිට අනුව මිනිස්සු තමන් කරන රැකියාව හෝ ව්‍යාපාරය.. අනුව කොටස් 4කට බෙදෙනවා. ඒ ගැන කලිනුත් කියල ඇති.

1. E - Employer - You have a job.
රස්සාවක් තියෙන කෙනෙක් තමයි E කොටසට අයිති වෙන්නෙ... මේ කොටසෙ ඉන්න අයගේ මූලිකම අවශ්‍යතාව තමයි රැකියාවකින් ලැබෙන ආරක්ෂාව  ඉතාම ඉහල දෙයක් විදියට දකින එක.

2. S - Self Employed - You Own a Job
මේ කොටසට අයිති වෙන්නෙ තමන්ගේම වූ ව්‍යාපාරයක් කරන අයයි. රැකියාවෙන් ඉවත් වෙලා තමන්ගේම දෙයක් කරන අය මේ කොටසට අයිති වෙනවා. මේ කොටසේ අයගෙ සුවිශේෂි ලක්ෂණය තමයි ස්වාධීනත්වය
මේ අය නිතර කියන දෙයක් තමයි “අවශ්‍ය දෙයක් තියෙනව නම් ඒ දෙය ඔබම කරන්න“.
මේ කොටසට අයිති වෙනවා, වෛද්‍යවරුන්, නීතීඥයන් වගෙ තමන්ගේම කියල දෙයක් කරන අය.

3. B - Business Owner - You Own a System & People work for you
මේ කොටසට අයිති වෙන්නෙ විශාල ව්‍යාපාරිකයන්(500ට වැඩි පිරිසක් සිටින), බිල් ගේට්ස් වගෙ අය අයිති වෙන්නෙ මේ ගණයටයි.
මෙයාලගේ විශේෂත්වය තමයි මෙයාලා ජීවිතයේ ලොකු දූත මෙහෙවරක් කරපු අය වීම. ඒ නිසා තමයි එයාලගෙ ව්‍යාපාරය ඒ තැනට ගේන්න එයාලට හැකි උනේ.
ඔවුන්ට පුලුවන් ගොඩක් අය එක්ක වැඩ කරන්න වගේම ගොඩක් අයට සේවය කරන්නත්.
උදා : +Bill Gates , +Thomas Alva Edison , +Henry Ford

4. I - Investor - Money works for You
මේ කොටසට අයිති වෙන්නෙ ආයෝජකයන්. එයාලගේ තියෙනන විශේෂත්වය තමයි “ආර්ථික නිදහස“.
ආයෝජකයන් ගොඩක් ක්ෂෙත්‍ර වල ආයෝජනය කරනවා, රන් කාසි, නිශ්චල දේපල, වෙන ව්‍යපාර, වෙනත් වත්කම් වල.....

රොබට් කියොසාකිගෙ පැහැදිලි කිරීම බලන්න....


මෙතනදි මම තේරුම් ගත්ත කාරණා වගයක් තියෙනවා. රස්සාවකින් අපි බලාපොරොත්තු වෙන්නෙ මාසෙට ජීවත් වෙන්න ස්ථිර පඩියක්. ඒක හොඳ දෙයක්. ඒ ක්‍රමයටත් සල්ලි කියන කාරණය ගැටළුවක් නොවෙන තැනට එන්න පුලුවනි. අනවශ්‍ය වියදම් නැතිව හොඳින් කලොත්. ගොඩක් අයගෙ තියෙන වරදක් තමයි වෙනසට බයයි. ඉතින් හැමදාම ඒ විදියටම ඉන්නවා. එහෙම අයගෙන් සමහර අයගෙ කටේ තියෙන්නෙ “ මම ප්‍රතිපත්ති ගරුකයි, මට සල්ලි වටින්නෙ නෑ මිනිස්සු වටින්නෙ“, “මට සල්ලි ජීවත් වෙන්න තිබුනම ඇති“. - ඒව ඉතින් ඇත්තටම ඇත්තද කියල දන්නෙ කියන අය තමයි.
ඉගෙන ගන්න, රස්සාවක් කරන්න, බඳින්න, ළමයි හදන්න... ජිවිතේ එච්චරක්ම නෙමෙයි... හ්ම්

තමන්ගෙම වූ ව්‍යාපාරයක් කරන කුඩා ව්‍යාපාරිකයත්(S), (B)මහා පරිමාණ ව්‍යාපාරිකයත් අතර වෙනස්කම් තියෙනවා.
(S) කොටසෙ අයට ඕන තමන්ම ඒ දේ කරන්න, තමන් ඒ ක්ෂෙත්‍රයේ දක්ෂයා වෙන්න.
(B) කොටසෙ අයට ඕන ඒ ක්ෂෙත්‍රයෙ දක්ෂයො තමන් එක්ක වැඩ කරන්න.

* තව එක දෙයක්... (S) කොටසෙ අය අද වැඩ නොකලොත් මුදල් නොලැබෙන්න පුලුවනි. (B) කොටසට එහෙම ගැටළුවක් එන්නෙ නෑ....

No comments:

Post a Comment