Tweets by @Tweetsbysuku myblog: පළිඟු කැට - ජීවිතේ දේදුන්න දකින්නට.....

Facebook Fan Page

Friday, February 15, 2013

පළිඟු කැට - ජීවිතේ දේදුන්න දකින්නට.....

අපේ උපේක්ෂා ඉමාලි අක්කගෙ “පළිඟු කැට“ කවි පොතෙන්...

සරලයි.... මට උනත් තේරුනා හැමදේම වගේ... සතුටුයි....

ගිය අවුරුද්දෙ ජනවාරි වල පොත එලි දැක්වීමට යන්න බැරි උනා, ඒ කාලෙ කලේ දවසේ පැය 14-17ක් යන රස්සාවක් නිසා.. හ්ම්... පොත අපූරුයි....

මට හොඳටම දැනුනු ඒවා..

   ----- බඩ ඉරිඟු ----
 මුන් කන්නෙ හප හපා ඉන්න
උන් කන්නෙ වේල පිරිමහන්න

          --- වි-රහ ---
ලෝකයෙ මොනම රහවත් දුකක් නෑ මේ තරම්...

නියඟලා මල දැකලා කලා රස නොවින්ඳට....
නියඟලා අල කෑවෙ කුසගින්න වැඩිකමට....

               --- නිවීම ---
පහන් දැල්ලට ඕනි නිවීමෙන් සැනසෙන්න....
මම හැදුවේ පහන් වැටි දල්වලා සැනසෙන්න...

                   --- සම්භාව්‍ය ---
ඔබ සම්භාව්‍ය චිත්‍රයක් හැමෝම බලන... කිසිවෙකුට නොතේරේන.....
මම කැටයම් දාපු ලී රාමුවක් හැමෝටම පෙනෙන... කිසිවකුට නොවටින...


No comments:

Post a Comment