Tweets by @Tweetsbysuku myblog: පොල් ගෙඩි 8, හොරකම, මාධ්‍ය සදාචාරය, & හොරු

Facebook Fan Page

Wednesday, February 27, 2013

පොල් ගෙඩි 8, හොරකම, මාධ්‍ය සදාචාරය, & හොරු

පොල්ගෙඩි 8ක් සොරකම් කල දරුවා ගැන මාධ්‍ය ලොකු ප්‍රචාරයක් දුන්නා... දීලා ඒ හොරකම වීරකමක් විදියට පෙන්නුවා... ෆේස් බුක් එකෙත්ගොඩක් අය ඒක කතා කලා... ඇත්ත තමයි ඒ දරුවව පාසලෙ අවුරුද්දට ගෙවන ගාස්තු වලින් පවා නිදහස් කරල තිබුන එක...

නමුත් සදාචාරයක් නැති මාධ්‍ය පෙන්නුවෙ වෙනම දෙයක්.. ඒක නිසා සමහර අය ඒක ආණ්ඩුවට විරුද්ධව කරන දෙයක් කරගත්තා... තව අය ඒක කාලෙ වරදක් කිව්වා... ඒ පාසලේ විදුහල්පතිතුමාට, ගුරුවරුන්ට අපහාස කරා...
ලංකාවෙ මාධ්‍ය සදාචාරයක් තියෙනවද කියල වෙලාවකට හිතෙනවා. ඉන්දියාවෙ වෛද්‍ය ශිෂ්‍යාව අතවරයට පත් උනාම ඊට එරෙහිව ජනමතය ගොඩනඟපු ඉන්දියන් මාධ්‍ය, වෛද්‍ය ශිෂ්‍යාවගෙවත්, ගෙදර කෙනෙක්ගෙවත්, යාළුවෙක්ගෙවත් කතා, පින්තූර මාධ්‍ය වල පල කලේ නෑ. ඒ වගේ බාල විදියට මාධ්‍ය හැසිරෙව්වෙ නෑ.
අපෙ රටේ ඉතින් මරණයක් උනාම ඒකෙ මලමිනියත් මාධ්‍ය විකුණගෙන කනවද එයින් නොනැවතී ඥාතීන්වත් ඒකට හවුල් කරගන්නවද කියල අපිම හිතන්ට ඕන....

මට තියෙන අවුල නිතරම දකින ඇහෙන එකක්.. තමා “මම දේශපාලනේ කලත්, උඹ දේශපාලනේ කලත් හොරකම් කරනවා“ කියන එක...
ඒකියන්නෙ හොරෙක් උනාට වරදක් නෑ කියල... ඒක ඇත්තක් වෙන්නැති... පාලකයා වගේමයි වැසියාත් කියල කියනවනේ.. පාලනය කරන උදවිය හොරකම් කරනව.. ජනතාවත් අනුබල දෙනවා... ඒක තමයි රටේ වෙන්නෙ.. එහෙම හිතුවම වැරදි දේශපාලකයද අපිද කියල හිතන්ට ඕන...

* අවසාන වශයෙන් අපිට ඕන හොරකම් කරන හොරු හදන රටක්ද... ????

(ස්වර්ණවාහිනියෙ අමාදහර බලල ආපු අදහසුත් එක්ක)

No comments:

Post a Comment