ලංකාවට, රාජ්‍යයක් විදියට IMF ණය ලැබෙන්නෙ 17 වෙනි වතාවට. කලිනුත් ණය ගත්තා හැබැයි හරියට කලේ නෑ. ඉතින් මේපාර කියල වෙනසක් වේවිද කියල මුලින්ම හිතෙනව.
ඊටපස්සේ මූලික දේ තමයි, ඒ ගිවිසුමේ කොන්දේසි විදියට රාජ්‍ය ආදායම වැඩි කරගන්න එක.
ඒකට කරන්නෙ බදු ගහන එකයි. ඍජු සහ වක්‍ර බදු.
බදු ගෙව්වට කමක් නෑ ඒකෙන් රටට වගේම තමන්ටත් හොදක් තියනව නම්.
කාලෙක ඉදන් නොමිලේ තියෙන රෝහල් වලත් බෙහෙත් නැති අවුල් තියෙද්දි කොහොමද ඒක විශ්වාස කරන්නෙ ?
පහුගිය දවසක පත්තර වල තිබ්බා,
" කෝටි 200ක හිග ලයිට් බිල්, බොල් ණය විදියට කපලා", " කෝටි 200ක සැප වාහන ගෙනැල්ලා " කියල..
ඉතින්, වත්මන් ජනාධිපතිවරයා රටට දෙයක් කරාවි කියල විශ්වාස කරන්න පුලුවන්ද ???
ඒ මදිවට ලාභ ලබන රාජ්‍ය ආයතන විකුණන්නත් වැඩ.. (ටෙලිකොම්)
ඊටත් වඩා වැඩේ, ඒක ලැබුනාම රතිඤ්ඤා පත්තු කරපු එක..
හැබෑටම ලංකාවෙ මිනිස්සු මේ තරම ගොබ්බයි - ගොජබ්බයි කියල කලින් දැනගෙන හිටියෙ නෑ. කලකිරනව ඉතින්..
මේවයින් රට හදන්න බැහැ... රට හදන්න ඕන හරි දැක්මකට අනුව වැඩ කරලා.
විකුණලා ඕව කරන්න බැහැ. ඉතිහාසයෙ අත්දැකීමත් අදත් එච්චරයි..
Pages
▼
No comments:
Post a Comment