Pages

Wednesday, November 4, 2020

මගේ අත්දැකීමේ හැටියට IPhone 11 Pro Max එක,


මම 11 ප්‍රෝ මැක්ස් එක ගන්න කලින් පාව්චිචි කලේ, 7 ප්ලස් එක.
අවු 4ක් විතර කිසිම කරදරයක් නොදී තිබ්බ ෆෝන් එක. අන්තිම කාලෙ බැටරිය මාරු කලා, සිංගප්පූරු ඇපල් ස්ටෝ එකෙන් ගෙන්වලා..

English Translations - https://www.tipsyinsider.com/2020/11/01/iphone-11-pro-max-my-experience/

- 11 ප්‍රෝ මැක්ස් එකේ 1 වෙනි දේ දැක්ක ගමන් අමුත්තක් වෙන්නෙ ඒකෙ විදිය.. හිතට දැනෙනවා සතුටක් එනවා. ඊලගට අතට ගත්තාමත් ඒ වෙනස විශේෂයෙන් තියෙනවා, 7 ප්ලස් එකට වඩා වෙනසක් තියෙනවා. ටච් කරාම හරිම ලේසියි සහ ඉක්මණ්..

- ඒවගේම, බැටරි ලයිෆ් එක සෑහෙන්න හොදයි. 

Low Power Mode නොදා සාමාන්‍ය විදියට දවස් 1 හමාරක් බැටරිය තියෙනව. දුර ගමනක් ගියොත් කිලෝමීටර් 200ට එහා, වව්නියා - කිලිනොච්චි වගේ දවසක් තියෙනව. එහෙම තිබිල තියෙනව.

- ඊලගට කැමරාව, මට දැනුනු දේවල් තමයි Wide Angle පින්තූර,  Portrait පින්තූර තව දියුණු වෙලා තිබ්බා, ඒවගේම Night Mode එක කලින්ට වඩා සැහෙන්න දියුණුයි..

මම ගේම්ස් එහෙම කරන - දන්න කෙනෙක් නෙමෙයි. කරන ගේම්ස් කීපය මම කරන්නෙ අයිපෑඩ් එකේ නිසා මම දන්නෙ නෑ ෆෝන් එකේ කොහොමද ගේම්ස් වෙන්නෙ කියල. 

 - එයාපොඩ්ස් වලට වගේම එයාපොඩ්ස් ප්‍රෝ එක්කත් හොදින් වැඩ කරනවා. ලංකාවෙ ඉන්ටනෙට් අවුල මිසක් හොද ස්පීඩ් කනෙක්ෂන් එකක් තිබ්බ නම් මීට වඩා හොද වේවි කියල හිතෙනව. හ්ම්..

#iPhone11ProMax 

No comments:

Post a Comment