Pages

Friday, December 27, 2019

සිංහලකම ලොකුවට කතා කරන අපේ බහුතරය නිසා කලකිරිම ඇතිවී ඇත.


● දෙමල අප ඉගෙනගත යුතු නැති බවද, පැරදුනේ ප්‍රභාකරන් නිසා ඔවුන් සිංහල කතා කල යුතු බවද කියයි.
නමුත් උවමනාවකදී අප සමග කටයුතු කරන දෙමල හෝ මුස්ලිම් අයට සිංහල බැරි වූයේ නම් ඇතිවන තත්වය කුමක්ද යන්න නොසිතති.
- සැබවින්ම අපට දෙමල බැරි නම්, සන්නිවේදනය පවත්වාගෙන යාමට අන්‍ය ජනවර්ග වලට සිංහල පුලුවන් වීම ගැන අප සතුටු විය යුතුය.

● වැඩිහිටි නිවාස, ළමා නිවාස වල පිරී ඇත්තේ සිංහල ජනතාවය.

● පන්සිල් පද 5වත් හරියට රකින්නේ නැත. හැබැයි මහා සිංහලකමක් සිතති.

● රාවණා නැගිටලා සිංහලය බේරාගන්නා තුරු බලා හිඳිති.
හැබැයි මහා රාවණ යනු සිංහලයෙක් නොවන බවවත්, හෙලයෙක් බවවත්, සිංහලයන් ඇතිවන්නේ හෙලයන් විනාශ කරගෙන බවවත් නොදනිති.

● මහ විරු සමරුවට විරුද්ධව කතා කරති.
හැබැයි අපේ මහා වීරයා වූ දුටු ගැමුණු රජතුමා, එලාර නම් දමිල රජාව පරාජය කර, එලාර රජුගේ සොහොන සෑදූ ස්ථානයට ගරු කල යුතු බවට නියෝගයක්ද කර ඇති බව ඉතිහාසය කියයි.
ඒ තරමවත් ගරුත්වයක් දෙන්නට, අඩු තරමින් මැරුණු අයට ගරුත්වයක් දෙන්නට තරම්වත් මානුෂීය නොවෙති, හැබැයි සිංහල - බෞද්ධකම ගැන කියති.

‍- දේශපාලනික යටි අරමුණු ඇතිව අන්ත ජාතිවාදය ඇරඹුනත්, පවත්නා සියලු රජයන් සහ හමුදාව - පොලිසිය “ උගත් පාඩම් “ සිතේ තබාගෙන කටයුතු කිරීම ප්‍රශංසනීයය !!!

- පහුගිය දවසක මම, නිලධාරින් පිරිසකට කල කතාවක කොටසක් ..

#යථාර්ථවාදිජනතාවාදි #tshdec2019 #srilanka

No comments:

Post a Comment