Pages

Tuesday, July 17, 2018

“ තියුණු අසිපතක සෙවණ යට “ - තමලිණී ජෙයක්කුමාරන්

එල්ටිටීඊ සංවිධානයේ කාන්තා දේශපාලන අංශයේ හිටපු නායිකා තමලිනි විසින් කොටි සංවිධානය හා ඒ බැදුනු කරුණු කාරණා විවරණය කර ලියන ලද්දකි. ඇය පිළිකා රෝගයෙන් අවාසනාවන්ත ලෙස මරණයට පත් වන අතර මේ පොතේ ආදායමෙන් කොටසක් පිළිකා රෝහලට පරිත්‍යාග කරන්නටද ඇය කටයුතු කලාය.

-
යුද්ධයක් කියන්නෙ හැම අතින්ම විනාශයක්, කියන්න බැරි තරම් පීඩන, දුක සංතාපය දෙන දෙයක් බව මේ පොතෙන්ද පැහැදිලි විය. යුද්ධයේ ජිවමාන අත්දැකීම් ලබන්නට යුධ බිමට ගොස් නැතත්, යුද්ධය කල බොහෝ අය සමග බොහෝ දෑ කතා කර ඇති නිසාද, ඍජුවම සම්බන්ධ වූ දේශපාලන නායකයින් හමුදා නායකයින් සියල්ලගේම අදහස්ද අනුව යුද්ධය සැබවින්ම තේරුමකට නැති කරුණකි.
යුද්ධය නැති මේ කාලයේ යුද්ධය ගැන නන් දොඩවන වීරයෝ බොහෝමයක් යුධ සමයේ රටේවත් සිට නැත. ඒ තරමටම බයගුළු අයයි.

කවදා කොහොමට කෙරුනත් යුද්ධ අනවශ්‍ය දේවල්ය. නැවත මේ පොලවේ වර්ගවාදි හෝ කිසිම ආකාරයක යුද්ධයක් ඇති නොවීමට කටයුතු කල යුතුමය.

No comments:

Post a Comment