Pages

Friday, November 18, 2016

Wish I could...

අපි කතා නොකර ඉමු.. හිනා නොවී ඉමු ටික දවසක්...
අපි දෑසින් දෑසට ලංව බලන් ඉමු එක මොහොතක්...
කල්පයක් සේ දැනේවි...//

අපි කතා නොකර හිඳිනා... ටික දවසට...
මල් පිපී පරව යන අරුමේ...
ඔබ හිනා දකින්නට... මල් පුසුඹ දිගේ...
කෙලෙසද නෑවිත් ඉන්නේ...

අපි ලංව බලන් හිඳිනා... එක මොහොතට
මල් පුසුඹක් සේ නුඹ දැනුනේ..
මල් පුසුඹ සිඹින්නට මා නෙලූ මලේ...
කෙලෙසද නෑවිත් ඉන්නේ...

No comments:

Post a Comment