Pages

Tuesday, December 1, 2015

නැගුනු සෙනෙහේ කියනු බැරිවී...



ඔබට සිත ආදරේ කරයි....
දෙතොල ගොළු වී සිටී...
නැගුනු සෙනෙහේ කියනු බැරිවී...
මගේ සිත වේදනා විඳී... //

ලවන් හසකැන් නුවන් කැල්මන්...
හොඳින් හඳුනන්නෙ ආදරේ...
නුවන් රැහැනින් බැඳෙන්නට පින්...
නොමැති දෝ මා කෙරේ...//

මගේ විජිතේ සිනා නොමැතේ...
විඩාපත් වේද ජීවිතේ...
ඔබේ ඇසුරේ... ඔබේ සෙවණේ..,
නවාතැන් වේද මා වෙතේ...

ඔබේ පෙම්ලොල් හදේ නොකැළැල්...
ලැගුම් සොයමින් නුවන් අයා...
යොවුන් බිඟුදැල් හෙලූ හසරැල්...
මසිත සුසුමන් දවා ගියා.......//


http://www.ananmanan.lk/sinhala-lyrics/lyric/1620/dayarathna-perera-obata-sitha-adare-karai-dethola-golu-wee-sitiy-lyrics.html

No comments:

Post a Comment