Pages

Saturday, October 31, 2015

රඟපාන ලෝයර්ස්ලා !


උසාවිය රගපාන තැනක් කියල බහුතරයක් ලෝයර් නෝනල, මහත්තුරැ හිතාගෙන ඉන්නෙ..
නඩුවලට එන්නෙ ගොඩක් දුරට අහිංසක මිනිස්සු.. එයාලට පේන්න මාර රගපෑම..
දේශපාලකයන් වගෙ අය ගාවදි නැවීගෙන ඉදගෙන, තමන්ගෙ ලොකුකම රගපාන ගමන් පානව අසරණ මිනිසුන්ට..
එයාල හිතාගෙන ඉන්නෙ මේක එයාලට ගියපු රට කියල...

ලංකාවෙත් මහ මෝඩ නීති තියෙනවා...

සුප්‍රීම් උසාවියෙත් සමහර වෙලාවට කොට කලිසම් ඇදගෙන එන අයව දැකල තියෙනව... හැබැයි ඊට වඩා පහල වෙන පැතිවල උසාවි වලට යන්න ඕන ඇඳුම් නීති මාලාවක් තියෙනව.. ඒකෙ ලොකු වරදක් නැහැ. නමුත් නීතිය කියන්නෙ පිහිට වෙන දෙයක් කියන දේ මූලික වෙන්න ඕන.

අනික ෆෝන් එකක්, අයිපෑඩ් එකක් ටැබ් එකක් ගෙනියන්න බෑ. සමහර උසාවි වල(ගාල්ලෙ) ෆෝන් එක ඕෆ් කරලා තියා බැටරිය ගලවගෙන ගියත් ගෙනියන්න දෙන්නෙ නැහැ.


No comments:

Post a Comment