Pages

Thursday, January 1, 2015

New year's thought


“ බොහෝකොට ධනය ඇතිකල්හි තව තවත් ධනය ඉපිද වීමේ ක්‍රම සෙවිය යුතුය.
ධනයෙන් ලැබිය නොහැකි වස්තුවක් නැත්තේය. විඳිය නොහැකි සැපතක් නැත්තේය. එනිසා ප්‍රඥාසම්පන්න විචාර බුද්ධිමත් පුද්ගල තෙම කොතෙකුත් ධනය උපයන්නේය...

ආඪ්‍ය වූ සමෘද්ධ වූ ධනය ඇති පුද්ගලයාට මිත්‍රයෝ, සහෝදරාදි ඥාතිහු බොහෝය.
බලය, යසස, ආනුභාවය ඇති පිරිමියා වන්නේ ඔහුය....

ධනයෙන් ලැබිය නොහැකි කීර්තියක්, යසසක්, බලයක්, දානයක්, ශාස්ත්‍රයක්, කලාවක් නැත්තේය...
සමෘද්ධ වූ ධනය ඇති තැනැත්තේ මහලු වුවද තරුණයෙකි...
හීනවූ ධනය ඇති තැනැත්තේ තරුණ වුවද මහල්ලෙකි.. “

පංචතන්ත්‍රය....

( මහා පඬි විෂ්ණු ශර්මන් විසින් අමරශක්ති නම් මහා රජුගේ බුද්ධියෙන් අඩු පුතුන් 3නා රාජ්‍ය පාලනයේ සමත් බුද්ධිමතුන් කිරීම පිණිස ලියන ලද්දකි. )

No comments:

Post a Comment